කෝටි එකොළහක පිලිකා ගරානා

කෝටි එකොළහක පිලිකා ගරානා

පිළිකා රෝගී්න් සඳහා භාවිතා කරන ‘රිටොක්සිනන්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනයෙන් කෝටි එකොළහක වංචාවක් සිදුවේ ඇති බව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණය විය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මියට පැවසුවේ අදාළ රුපියල් කෝටි 11 කට ආසන්න මුදල සමාගමට මුදා හරින ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා ඔහුගේ අත්අකුරින් ටෙන්ඩර් පත්‍රිකාවේ පෞද්ගලිකවම සටහනක් යොදා ඇති බවයි.

අධිකරණය මගහරිමින් සිටින ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට රහස් පොලිසියට නියම කරමින් මහේස්ත්‍රාත්වරිය වරෙන්තුවක්ද නිකුත් කළාය.

Related Articles