ආර්ථික සංවර්ධන ඉලක්ක අඩමානයි

ආර්ථික සංවර්ධන ඉලක්ක අඩමානයි

මහ බැංකු වාර්තාවට අනුව 2023 වසරේ දී ආර්ථිකය සියයට 2.3 කින් සංකෝචනය වී ඇත. කෘෂිකර්මයේ සියයට 2.5 ක වර්ධනයක් ඇතිවී තිබෙන නමුත් කාර්මික අංශය සියයට 9.2 කින් පහත වැටිඇත .සේවා අංශය දශම දෙකකින් පහත වැටි ඇත .

 

වැඩිම සංකෝචනය ඇත්තේ කර්මාන්ත අංශයේය .සියයට 9.2 කින් කර්මාන්ත අංශය පහත වැටී ඇත . කුඩා, මධ්‍ය කර්මාන්ත විශාල ප්‍රමාණයක් වැසී ගොස් ඇත .

සියයට එකයි දශම පහේ සිට තුන දක්වාවූ ක පමණ ආර්ථික වර්ධන වේගයක් පිළිබඳව පලවී ඇති අනුමාන සාක්ෂාත් කරගත හැකිවේද යන්න ගැටළුවකි.

2024 වසර තුළ ආර්ථිකය සියයට තුනකින් වර්ධනය වනු ඇතැයි මහ බැංකු වාර්තාව දක්වයි. සංචාරක අංශය, කෙරෙහි අධික බලාපොරොත්තු තබා තිබේ. ආනයන සීමා ඉවත් කිරීම, ණය පිරිවැය සහ අමු ද්‍රව්‍ය මිල අඩු වීම වැනි කරුණු හේතුවෙන් කර්මාන්ත අංශය ප්‍රතිලාභ ලබනු ඇතැයි අපේක්ෂා කෙරේ. රජයේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සහ ඉදිකිරීම් අංශය ආර්ථිකය දියුණු කරන්නට බලපෑමක් කරන බව දක්වයි.

ඉදිකිරීම් කර්මාන්තයේ  පිරිහීම සියයට 20.8 කි. රෙදිපිළි, නිමි ඇඳුම් හා සම් භාණ්ඩ නිෂ්පාදන සඳහා වන ගෝලීය ඉල්ලු‍ම සැලකිය යුතු ලෙස පහළ යෑම හේතුකොටගෙන නිෂ්පාදන කර්මාන්ත කටයුතු සියයට 3.2 කින් 2023 වසර තුළ දී පහත වැටී ඇත.

තොරතුරු තාක්ෂණ සේවා අංශය සියයට 21.4කින් පසුබැස ඇත.

 

 

 

Related Articles