මහින්දානන්ද නිදොස් වූ හැටි

මහින්දානන්ද නිදොස් වූ හැටි

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මුදල් විශුද්ධිකරණ චෝදනා වලට වැරදිකරු නොවන බව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ පවසයි

මහින්දානන්ද අලුත්ගමගේ කොළඹ, කින්සි පාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 27ක මුදල
හොයා ගෙන් ඇත්තේ වාහන බලපත්‍රයක් විකිණීමෙන් ලබාගත් රුපියල් මිලියන 26ක මුදලක් සහ බැංකු ණයක් වශයෙන් ලබාගත් රුපියල් මිලියන 10ක මුදලක් යොදා ගනිමින්ය

මේ කථාව අධිකරණයේදී අභියෝගයට ලක් නොවීය , එසේ නම් මේ නඩුව පැවරීමට නීතිපතිවරයා කටයුතු කළේ මන්ද
යන ගැටළුව මතුවේ .

මේ අනුව යහපාලන ආණ්ඩු කාලයේ පැවරුණු තවත් නඩුවකින් ඇමතිවරයෙක් නිදොස් කොට නිදහස්ය

මේ පිළිබඳව කරුණු දැක්වූ විනිසුරුවරයා “මෙම විමර්ශනයට අදාළව ජාලිය ගුණසේකර නමැති පුද්ගලයෙකුගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා. එම ප්‍රකාශය තුළින් අදාළ පුද්ගලයා සඳහන් කර තිබුණා විත්තිකරු රුපියල් මිලියන 26ක මුදලක් ඔහුගේ වාහන බලපත්‍රය විකුණා ලබාගෙන තිබූ බව. එම පුද්ගලයා සාක්ෂිකරුවකු වශයෙන් නම් කර තිබුණත් ඔහුගේ සාක්ෂි කැඳවීමට පැමිණිල්ල පියවර ගත්තේ නැහැ. එවැනි සාක්ෂි කැඳවීමක් සිදු කළා නම් මෙම කරුණ නඩු විභාගයේදී අනාවරණය කර ගැනීමට හැකියාව තිබුණා.” යනුවෙන් පැවසීය.

සංඝටක කිහිපයක්

විත්තිකරුට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොනු කර ඇති අතර මුදල් විශුද්ධිකරණය චෝදනා යනු බරපතළ චෝදනාවක් බවත් විනිසුරුවරයා පැවසීය.

“මුදල් විශුද්ධිකරණය කියන්නේ ඉතා බරපතල චෝදනාවක්. එම චෝදනාව ඔප්පු කිරීමට නම් ඊට අදාළ සංඝටක කිහිපයක් සම්පූර්ණ වී තිබිය යුතුයි. ඒවා සාක්ෂි මගින් තහවුරු කළ යුතුයි. එහෙත් මෙම නඩුවේ විත්තිකරුට එරෙහිව එල්ල කර තිබෙන මුදල් විශුද්ධිකරණය වැළැක්වීම යටතේ වූ චෝදනා තහවුරු කිරීමට පැමිණිල්ල ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කර නැහැ.” යනුවෙන් විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් නොවුනේ මන්ද? නොඑසේ නම් ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව නඩුවක් ගොනු කළේ මන්ද ?යන්න පිළිබඳව කුකුසක් කෙනෙකුට ඇතිවිය හැකිය

Related Articles