චන්ද්‍රිකා දේශපාලන මණ්ඩල රැස්වීමේ මුලසුනට

චන්ද්‍රිකා දේශපාලන මණ්ඩල රැස්වීමේ මුලසුනට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමක් (08) කැඳවා ඇත.චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සෙසු පිරිස් එක් කර ගනිමින් බල අරගලයක් ආරම්භ කොට ඇතත් තමන් පරාජය කළ නොහැකි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. දේශපාලන මණ්ඩල රැස්වීමේ මුලසුන එම පක්ෂයේ අනුශාෂිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග දරනු ඇත .

මේ වන විට අනතුරුව පක්ෂ මූලස්ථානයේ තිබූ වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථනගතවී ඇති බවට පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා සිදුකළ පැමිණිල්ලට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට කිසිවෙකුට ඇතුළුවීම පොලීසිය ඊයේ තහනම් කොට ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමක් එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා විසින් හෙට පෙරවරු 10ට පදනම් ආයතනයේ කැඳවා තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව පවත්වාගෙන යනු ලබන ලිපි ගොනුවේ සඳහන් සාමාජිකයින් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන, දයාසිරි ජයසේකර සහ ශාන් විජයලාල් ද සිල්වා අය හැරුණුකොට අනෙකුත් සාමාජිකයින් ඊට කැඳවා ඇති බව වාර්තා වෙයි.

මේ අතරවාරයේ ශ්‍රීලංකා නිදහස් පක්ෂය රනිල් වික්‍රමසිංහ ගේ අපේක්ෂකත්වය තහවුරු කරන තැනකට රැගෙන යෑමට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මෙන්ම මෛත්‍රීපාල සිරිසේන ද උත්සාහ කරමින් සිටින බව චෝදනා කරන පිරිසක් කියා සිටින්නේ විකල්ප සන්ධානයකයට සහය දිය යුතු බවයි .

Related Articles