සිමෙන්ති කර්මාන්ත ශාලාවට විරෝධය

සිමෙන්ති කර්මාන්ත ශාලාවට විරෝධය

සිමෙන්ති කර්මාන්ත ශාලාවකට හුණුගල් ලබා ගැනීමට තම ඉඩම් ලබා දිය නොහැකි බව පවසමින් කිලිනොච්චිය, පූනකරි ගම්වාසීන් ධීවර කටයුතු අමාත්‍ය ඩග්ලස් දේවානන්දට විරෝධය පළකළහ.

කිලිනොච්චිය, පූනකරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පොන්නාවේලි ගම්මානයේ ජනතාව යුද්ධය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින පිරිසකි. පොන්නාවේලි ගම්මානය අතහැර ගොස් වසර ගණනාවක් අවතැන්ව සිට නැවත පදිංචියට පැමිණි පිරිස පවසන්නේ තම ගමේ සිමෙන්ති කර්මාන්ත ශාලාවක් ඇති කල හොත් එය තමන්ට දැඩි පීඩාවක් විය හැකි බවයි . යෝජිත හුණුගල් හෑරීමේ ව්‍යාපෘතියක් නිසා තම ගම්බිම් යළි අහිමී වී යාහැකි බව ගම්වාසීහු පවසති .

පොන්නාවේලි ගම්මානය අවට සීමාවේ භූ කැණීම් කර පරීක්ෂණ පවත්වා හෙක්ටයාර් 1000 කට ආසන්න ප්‍රදේශයක හුණුගල් කැනීමට අවශ්‍ය මුලික අනුමැතිය සිමෙන්ති කර්මාන්ත ශාලාවකට ලබාදී ඇති බව පවසන ගම්වාසීන් පවසන්නේ තමන් විරෝධය අත් නොහරින බවයි .

පොන්නාලෙයි ප්‍රදේශයේ ඉඩම් හුණුගල් කැණීමක් වෙනුවෙන් ලබාදී ඇත්දැයි පුනරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විමසීමේදී, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් පැවසූවේ මේ දක්වා පොන්නාලෙයි ප්‍රදේශයේ කිසිදු ඉඩමක් හුණුගල් කැණීම වෙනුවෙන් ලබාදී නොමැති බවය.

Related Articles