පුනර්ජනනීයෙන් යා හැකිද පෙරට

පුනර්ජනනීයෙන් යා හැකිද පෙරට

අවම උත්පාදන පිරිවැය සහ ඒකක පිරිවැය අඩු පුනර්ජනනීය බලය කෙරෙහි වැඩි අවධානයක් යොමු විය යුතු බව ශ්‍රී ලංකා Blue-Green Alliance හී සංවිධායක වින්ශද යසස්මිණි පෙන්වා දෙයි .

පුනර්ජනනීය බලශක්තිය යනු හිරු එළිය, සුළඟ, වර්ෂාව, උදම් රළ, භූ උෂ්ණත්වය ආදී, ස්වභාවික ප්‍රභවයන්ගෙන් ලැබෙන්නා වූ බලශක්තියයි. මෙම ප්‍රභවයන් භාවිත කිරීම හේතුවෙන් ක්ෂයවීමට ලක් නොවන්නේ ය. (ස්වභාවිකවම නැවත නැවතත් සපිරෙන)

ශ්‍රී ලංකා Blue-Green Alliance හී මාධ්‍ය ලේකම් දිලංක මධුරංග පවසන් ආකාරයට සුවිශාල විදේශ ආයෝජනයක් ගලා ගෙන ඒම, මුදල් අපේ රට තුළම ඉතිරි කර ගැනීමේ හැකියාව, බලශක්ති අස්ථාවරභාවය ස්ථිරසාර ලෙස විසඳීම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති තුළින් ලැබේ .

විදුලිබල පද්ධතියට වඩාත් පිරිසිදු බලශක්ති ක්‍රමවේදයන් එකතු කර ගැනීම ඔස්සේ වාර්ෂික කාබන් විමෝචනය අවම කරමින් රටේ පාරිසරික තත්ත්වයට ද යහපත් මෙහෙවරක් පුනර්ජනනීය බලය තුලින් ලබාගත හැකි බවයි මේ පිරිස තර්ක කරන්නේ .

ශ්‍රී ලංකා භූමියේ ඇති සුළං සම්පත් භාවිත කරමින් ඉන්දීය ආයෝජකයන් විසින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිය මගින් ජනනය කරන ‘හරිත‘ බලශක්තිය ශ්‍රී ලංකාවට මිලදී ගත යුතුය. වසර 25 ක් සඳහා වෙළඳපළ මිලට වඩා වැඩි මිලකට, එක්සත් ජනපද ඩොලර් වලින් මේ ගෙවීම් සිදුවීම ගැටළුවක් බවයි විපක්ෂය තර්ක කරන්නේ .

මන්නාරම සුළං බල ව්‍යාපෘතිය

වර්තමානයේ අපේ රටේ දියත් කර ඇති මන්නාරම සුළං බල ව්‍යාපෘතිය ඇතුළු පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් සහ එම බලශක්ති ව්‍යාපාර මෙහෙයවන විදේශීය ආයෝජකයන් පිළිබඳව සමාජයේ ව්‍යාප්ත වී ඇති සාවද්‍ය බවයි ඔවුන් පවසන්නේ .

අදටත්, ශ්‍රී ලංකාවේ විදුලි උත්පාදන ධාරිතාවෙන් 40% ක් පමණ ජල විදුලියෙන් උත්පාදනය වන අතර සුළං සහ සූර්ය බලශක්ති උත්පාදනය වැඩි කිරීමට රජය තීරණය කොට ඇත .

පසුගිය කාලයේ දුෂිත නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් ආරම්භ කිරීම කෙරේ නිසි අවධානයක් යොමු නොවූ අතර දැන් මන්නාරමේ ආරම්භ කිරීමට යන සුලං බල ව්‍යපෘතිය සඳහා නිසි ටෙන්ඩර් කැඳවීමක් සිදු නොවූ බව විපක්ෂය චෝදනා කරයි. පරිසරවේදීන් සහ ප්‍රදේශ වාසීන් පවසන්නේ කුරුල්ලන් ටර්බයින් වල වැදී මරණයට ඇතුළු පාරිසරික ව්‍යසන සිදුවන බවයි.

2030 වසර වන විට ශ්‍රී ලංකාවේ විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීම සහතික කිරීම වෙනුවෙන් රජය මේ ක්‍රියාවලිය වේගවත් කරමින් සිටින බවයි පවසන්නේ.

Related Articles