ලංකාව ඉන්දියාව යා කිරීම වාසිදායකද?

ලංකාව ඉන්දියාව යා කිරීම වාසිදායකද?

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදිකිරීම සම්බන්ධයෙන් ඉන්දියාව සම්පාදනය කළ පුර්ව ශක්‍යතා අධ්‍යනය ලබන සතියේ ඉදිරිපත් කිරීමට නියමිතය .
ශ්‍රී ලංකාවේ තලෙයි මන්නාරමේ සිට ඉන්දියාවේ රාමේශ්වරන් දක්වා මුහුද ඔස්සේ මෙම ගොඩබිම් මාර්ගය ඉදිකිරීමට නියමිත අතර සමාන්තර දුම්රිය මාර්ගයක් ද ඉදිකිරීමටද සාකච්ඡා වී ඇත.

ඉන්දියාව සහ ලංකාව අතර ගොඩබිම් මාර්ගය ඉදි කිරීමට සමගාමීව තලෙයි මන්නාරමේ සිට ත්‍රිකුණාමලය සහ කොළඹ දක්වා සෘජු ගමන් පහසුකම් සැලසෙන මාර්ග පද්ධතියක් ඉදිකිරීමද මෙම ව්‍යාපෘතියට අයත් වන බව සඳහන්.

මේ වන විට ත්‍රිකුණාමලය ආශ්‍රිත සංවර්ධන කටයුතු පිළිබඳව ඉන්දියාව දැඩි උනන්දුවක් දක්වන අතර වරාය යාබද තෙල් ටැංකි වල බදු අයිතිය පැවරී ඇත්තේ ඉන්දියාවටය .

 

ආනයන අපනයන

ලංකාව සහ දකුණු ඉන්දියාව යා කරමින් ගොඩබිම් මාර්ගය ඉදිවූ පසුව දෙරට ආනයන අපනයන සඳහා වැඩි ඉඩක් ලැබෙන නමුත් ජාතික ආරක්ෂාව පිළිබඳව ගැටළු මතු විය හැකි බව විචාරකයින් පෙන්වා දෙති .

දැනටමත් කච්චතිව් දුපතට තම හිමිකම මෙන්ම උතුරු මුහුදේ මසුන් මැරීමේ අයිතිය පිළිබඳව ඉන්දියාව මතභේදාත්මක තත්වයක් ඇතිවෙන ආකාරයට කටයුතු කරමින් සිටී

ඉන්දියාවේ වෙළඳපොළ විශාල හෙයින් ශ්‍රී ලංකාවට එහි වාසිය අසීමාන්තිකව භුක්ති විඳීමට හැකියාව ඇති බව ශ්‍රී ලංකා වේ ආණ්ඩුව පවසන්නේ .

පසුගිය මාසයේ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ඉන්දියාවේ සංචාරයක නිරත වු අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා වී ඇත .

චීනයේ නොසතුටට

ලංකාව සහ දකුණු ඉන්දියාව යා කරමින් ගොඩබිම් මාර්ගය ඉදි කිරීම ශ්‍රී ලංකාවේ විශාලතම ණය හිමිකරුවා වන චීනයේ නොසතුටට හේතු විය හැකිය .

ඉන්දියාවේ වෙළඳපොළ විශාල හෙයින් ශ්‍රී ලංකාවට එහි වාසිය අසීමාන්තිකව භුක්ති විඳීමට හැකියාව ඇති බවයි, රජයේ ප්‍රකාශකයින් පවසතත් මේ වන විට වෙළෙඳ වාසිය ඇත්තේ ඉන්දියාවටයි .එනම් ශ්‍රී ලංකාව ඉන්දියාවට යවන දේවල් වලට වඩා ගෙන්වන දේ වැඩිය

නැව් මාර්ගයෙන් බඩු භාණ්ඩ ප්‍රවාහනය කරනවාට වඩා ගොඩබිම ඔස්සේ භාණ්ඩ ප්‍රවාහනයෙන් ප්‍රවාහන ගාස්තු අඩුවන හෙයින් ඉන්දියාවෙන් මෙරටට ගෙන්වන ආහාර ද්‍රව්‍ය වල මිල අඩුවීම සිදුවය හැකි අතර අනෙක් අතට දේශීය ගොවීන්ට තම අස්වැන්න ට ලබා ගත හැකි මිල අඩුවෙනු ඇත .

සංචාරකයන්ට මෙරටට අඩු වියදමකින් පැමිණීමට හැකියාව හිමි වන බව ආණ්ඩුව පවසතත් අඩු වියදම් සංචාරකයින් ලබාගත හැකි වාසිය සීමිතය.

රට අතර විදුලි බල හුවමාරුවට පහසුකම් ලැබීම මෙන්ම පුනර්ජනනීය බල ශක්තිය ආදියෙන් ලංකාවට වැඩිපුර විදුලි බලයක් උත්පාදනය කරන්නට හැකි වුවහොත් එම විදුලි බලය ඉන්දියාවට විකුණන්නට අවස්ථාව ලැබීම වාසියක් සේ පෙන්නුම් කරතත් එහි ප්‍රයෝගිකත්වය පිළිබඳව ගැටළුවක් ඇත.

Related Articles