දමිතා හිරවුනේ කොතැනද ?

දමිතා හිරවුනේ කොතැනද ?

විදේශ රැකියාවක් ලබා දෙන බව පවසා මුදල් වංචා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට ඇප ලබාගත නොහැකි වුයේ ආගමන හා විගමන පනත යටතේ කොන්දේසි කඩකිරීම , වෙනත් නඩු සම්බන්ධයෙන් ඇප මත සිටීම ,සහ පොලිස් පරීක්ෂණ මග හැරීම වැනි කරුණු මුල් කර ගෙනය.

අරගලය සමයේ මුදල් එක්රැස් කිරීම , නොයෙකුත් මුල්‍ය අපරාධ වලට චෝදනා ලැබ සිටින තිලිණි ප්‍රියමාලි හා ගනුදෙනු කිරීම පිළිබඳව කතා බහ මීට පෙර ඇතිව තිබින.

දමිතා අබේරත්න බන්ධනාගාර වෑන් රථයට නැග්ගේ ‘මුන් දැන් සජිත් ප්‍රේමදාස ගේ හෙවනැල්ලටත් බයයි යනුවෙනි. මේ අනුව ඇගේ දේශපාලන පක්ෂපාති කම පැහැදිලිය. ඇයට අනුව මෙය පලිගැනීමකි .

සජිත් ගේ දේශපාලන වේදිකාවට වැදගත්වන දේශපාලන ප්‍රතිරූපයක් අඩපණ කිරීමට ගත් උත්සහායක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම ඇතැමුන් විසින් අර්ථ කථනය කරනු ඇත .

අනෙක් අතට වඩා යහපත් රටක් ගොඩනැගීමේ අභිලාෂය සහ චේතනාව ගසා කෑමට දමිතා අබේරත්න ගත් උත්සාහයක් හෙළිදරව් වීමක් ලෙස තවත් සමහරුන් විසින් අර්ථ කථනය කෙරෙනු ඇත .

මේ දිනවල විකාශනයවන “තත්පරයක් දෙන්න” ටෙලි නාට්‍යයේ දමිතා අබේරත්න රඟපාන්නේ රක්ෂිත බන්ධනාගාරගත මැර නායිකාවක ගේ චරිතයකි. දැන් ඇය සැබෑ ජීවිතයේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින්නීය .

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ආගමන හා විගමන පනත යටතේ අත්අඩංගුවට ගැනීම වැළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය ඉකුත් දා ( අප්‍රේල් මස 02 වනදා) තීන්දු කළේය.

Related Articles