උපාලි අබේරත්න තනතුරට සුදුසුද ?

උපාලි අබේරත්න තනතුරට සුදුසුද ?

හිටපු විනිසුරු උපාලි අබේරත්න සභාපති ලෙස කටයුතු කළ දේශපාලන පළිගැනීම් කොමිසමේ තීන්දු අධිකරණය විසින් බලරහිත කොට ඇති අවස්ථාවක ඔහුට තවදුරටත් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් කොමිසමේ සභාපති ලෙස කටයුතු කල හැකිද යන ගැටලුව මතු වී තිබේ .

පුරවැසියාගේ අයිතිවාසිකම් සනාථ කිරීමට පිහිටුවා ඇති කොමිසමක නීතිය අවභාවිතා කල පුද්ගලයෙකුට සදාචාරාත්මක අය්තියක් තිබේද යන ප්‍රශ්නය මධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අවිසින් මතුකොට තිබේ.

තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් වෙත ලිපියක් යවන තරිඳු උඩුවරගෙදර පවසන්නේ ඔහු විසින් ඉදිරිපත් කර ඇති/ඉදිරිපත් කරන තොරතුරු අභියාචනා උපාලි අබේරත්න ඉදිරියේ විභාගයට නොගන්නා ලෙසයි

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද දේශපාලන පලිගැනීම් සෙවීම් කොමිෂන් සභාවේ සභාපතිව සිටි උපාලි අබේරත්න තොරතුරු කොමිසමේ සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයා පත් කර තිබුණේ 2021 දෙසැම්බර් මාසයේ වන අතර ඔහුගේ පත්වීමට මුල් අවස්ථාවේ සිට විරුද්ධ වූ බව තරිඳු උඩුවරගෙදර පවසයි .

උපාලි අබේරත්නගේ හැසිරීම

උපාලි අබේරත්නගේ හැසිරීම ඔහුගේ තනතුරට තරම් නොවන බව පවසන තරිඳු උඩුවරගෙදර තර්ක කරන්නේ

උපාලි අබේරත්න වගඋත්තරකරුවකු වූ රිට් පෙත්සව්ල තීන්දුව මගින් ඔහු සභාපතිත්වය දැරූ ජනාධිපති කොමිෂන් සභාවේ නිගමන සහ නිර්දේශ අහෝසි කරමින් ඔහුගේ ක්‍රියාකලාපය නීති විරෝධී බව අභියාචනාධිකරණය දුන් තීන්දුව බැරෑරුම්
ලෙස සැලකිල්ලට ගත යුතු බවයි .

විශේෂයෙන්ම ආචාර්ය ජයම්පති වික්‍රමරත්න දේශපාලනිකව ගොදු කර ගැනීම සඳහා අයථා චේතනාවක් ඇතිව උපාලි
අබේරත්න කටයුතු කොට ඇති බවයි .

සදාචාරාත්මක හැකියාවක්

ර ජයේ මුදල් අවභාවිත කරමින්, බලය අවභාවිත කරමින් සහ නැති බලයක් ආරෝපණය කර ගනිමින් දේශපාලන වුවමනාවට පුද්ගලයන් සිර ගත කිරීමටත්, ඔවුන් අපහසුතාවට පත් කිරීමටත්, ඔවුන්ගේ කීර්තිනාමයට හානි කිරීමටත්, පුද්ගලයන් දේශපාලනිකව ගොදුරු කර ගැනීමටත් උත්සාහ දැරූ බවට අධිකරණය විසින් තහවුරු කර ඇති දේශපාලන පළිගැනීම් කොමිසමේ සභාපතිවරයාට තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම වැනි කොමිෂන් සභාවක සභාපති ලෙස කටයුතු කිරීමට කිසිම සුදුසුකමක් හෝ සදාචාරාත්මක හැකියාවක් නොමැති බව තමන් විශ්වාස කරන බව තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් වෙත තරිඳු උදුවරගෙදර දන්වා ඇත .

Related Articles