පාඨලී ජනාධිපතිරණ  මෙහෙයුම

පාඨලී ජනාධිපතිරණ මෙහෙයුම

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මෙවර ජනාධිපතිවරණයට තරග කිරීමට සූදානම්ය. ඇත්ත වශයෙන්ම මේ පිළිබඳව මුල්ම ඉඟිය දුන්නේ ඇමරිකානු තනාපතිනි ජූලි චැන්ග්ය. පාර්ලිමේන්තුවේ උත්සවයකට පමණි ඇය පාඨලී චම්පික රණවක වෙත් ගොස් -ඔබ ජනාධිපතිවරණයට ඉදිරපත් වීමට සුදානම් වෙනවා නේදැයි – ඔහුගෙන් විමසා සිටියාය. පාඨලී හිනාවුනා මිස කිසිත් කීවේ නැත.

පාඨලී චම්පික රණවක නැවතත් ජනාධිපතිවරණට තරග කිරීමට අවස්ථාවක් හොයමින් සිටී. තමන්ට අවසිදායක තත්වයක් ඇති වුවහොහොත් රනිල් වික්‍රමසිංහ වෙනත් කෙනෙක් ඉදිරියට දමන්නේ නම් පාඨලී චම්පික රණවක තෝරාගැනීමක් විය හැකිය.

අනෙක් අතට සජිත් ප්‍රේමදාස දුර්වල වුවහොත් එතැනත් ඔහුට හිඩැසක් පවතී .එසේත් නැතිනම් දෙවන මනාපයෙන් ගොඩ යෑමේ අපේක්ෂාව ඇතිව ස්වාධීන අපේක්ෂ කයෙක් ලෙස ඉදිරිපත් විය හැකිය.

එක්සත් ජනරජ පෙරමුණ “දේශය වෙනුවෙන් එක්වන පියවරක්” වැඩපිළිවෙළ පෙබරවාරි 14 වැනිදා ඉදිරිපත් කෙරිණ. ඊට සමගාමීව නව දේශපාලන සන්ධානයක් සඳහා වූ සාකච්ඡා ආරම්භ වී තිබේ.

Related Articles