චන්ද්‍රිකා මෙහෙයුමේ- ලසන්ත

චන්ද්‍රිකා මෙහෙයුමේ- ලසන්ත

ශ්‍රීලනිප ව්‍යවස්ථාවට අනුව හිටපු ජනාධිපතිවරයෙකුට ශ්‍රීලනිපයේ නායකත්වයේ කටයුතු කරන්නට නොහැකි හෙයින් පක්ෂය සම්බන්ධයෙන් සිදුවෙන බල මෙහෙයුම නායකත්ව මණ්ඩලයක් හරහා සිදු කිරීමට නියමිතය.

චන්ද්‍රිකා කුමාරතුංග ගේ ආරාධනයෙන් දේශපාලනයට පැමිණි ලසන්ත අලගියවන්න පොදු ජන එක්සත් පෙරමුණේ ලේකම්වරයා ලෙස දිගටම කටයුතු කරමින් නායකත්ව මණ්ඩලය තුල ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීමට නියමිතය

චන්ද්‍රිකා කුමාරතුංග හට ශ්‍රීලනිපයේ නායකත්වය නිල වශයෙන් දැරිය නොහැකි නමුත් දැන් පවතින තත්වය අනුව ඇයගේ නායකත්වයට අභියෝගයක් එල්ල වීමට ඇත්තේ සීමිත ඉඩකි .

පොදුජන එක්සත් පෙරමුණට අනුවඅනුර ප්‍රියදර්ශන යාපා ප්‍රමුඛ පොහොට්ටුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 21 දෙනෙකු පමණ මෙම සන්ධානයට එකතු වෙන්නට නියමිතය .

මේ සන්ධානය ජනාධිපතිවරණයකදී තමන්ගේ අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකොට රනිල් වික්‍රමසිංහට සහයෝගය දැක්වීමට ඉඩ ඇත.

දේශපාලන මණ්ඩලය රැස්වීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වේ 

මේ අතරවාරයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිසි දේශපාලන මණ්ඩල රැස්වීම කැඳවන ලෙස ඉල්ලා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල ගෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කොට තිබේ .

හිටපු ජනාධිපති මෛත්‍රී පාල සිරිසේන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, ෂාන් විජේලාල්ද සිල්වා යන අය හැර සෙසු දේශපාලන මණ්ඩල සාමාජිකයින් ඊට කැඳවන ලෙස ඉල්ලා සිටියත් දුෂ්මන්ත මිත්‍රපාල පවසා ඇත්තේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ ව්‍යවස්ථාව රැකීමට තමා නීතියෙන් බැඳී සිටින බැවින් ඊට පටහැනිව ක්‍රියා කිරීමට නොහැකි බවත් ඒ අනුව කැඳවීමට ඉල්ලා සිටි රැස්වීම පැවත්ව්මට නොහැකි බවයි දුෂ්මන්ත මිත්‍රපාල  නිමල් සිරිපාල සිල්වාට දන්වා ඇත්තේ.

 

 

Related Articles