නීතිපති පෙනී සිටින්නේ කාටද ?

නීතිපති පෙනී සිටින්නේ කාටද ?

නාරම්මල පොලිසියේ නිලධාරියෙකු විසින් ලොරි රථ රියදුරකු වෙඩි තබා මරා දැමීමේ සිද්ධිය තුළින් පොලිසිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී ඇත .

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම අධිකරණයට කරුණු දක්වමින් “ස්වාමීනී… මෙම නඩුවේ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා පෙනී සිටින්නේ නැහැ. අප පෙනී සිටින්නේ නාරම්මල පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ පොලිස්පතිවරයාට පමණයි.යැයි පැවසීය .

නාරම්මල පොලිසියේ ස්ථානාධිපතිවරයා හා පොලිස්පතිවරයා මෙම සිද්ධියට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් අනාවරණය නොවන හෙයින් තමන් ඔවුන් වෙනුවෙන් පෙනීසිටින බව රජයේ නීතිඥ ශමින්ද වික්‍රම අධිකරණයට පැවසීය .

මෙම සිද්ධියට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව මේ වන විට ලඝු නොවන නඩු විභාගයක් ආරම්භ කර තිබෙනවා. අපක්ෂපාතී ආකාරයෙන් පරීක්ෂණ සිදු කර තිබෙනවා. එම පරීක්ෂණ සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු චෝදනාවක් එල්ල වී නැහැ. එම නිසා නාරම්මල පොලිසියේ ස්ථානාධිපතිවරයාට හා පොලිස්පතිවරයාට නඩු විභාගයක් පැවැත්වීම සඳහා නොතීසි නිකුත් කිරීම සම්බන්ධයෙන් මා විරුද්ධ වෙනවා.”යනුවෙන් සඳහන් කළේය

වර්තමාන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මානව හිමිකම් උල්ලංගණය කල බවට වැරදිකරු වූ නඩුවේ නීතිපතිවරයා ඔහු වෙනුවෙන් පෙනී සිටියේය.

Related Articles