ඔටාවා අවසන් ගමනේ සෝ සුසුම්

ඔටාවා අවසන් ගමනේ සෝ සුසුම්

 

කැනඩාවේ ඔටාවා හි අමානුෂික ලෙස මරා දැමුණු තම මිතුරාට බිරිඳට සහ දරුවන්ට ධනුෂ්ක වික්‍රමසිංහ සමුදන්නේ

‘දුවේ මට සමාවෙන්න මට ඔය ගොල්ල බේර ගන්න බැරි වුනා කියමිනි .
ශ්‍රී ලාංකිකයින් සිය ගණනක් මෙන්ම ආගම් ගණනාවක පුජක වරුන් මෙන්ම ඔටාවා නගර වාසින් විශාල පිරිසක් අවමගුලට රැස්ව සිටියා .

මිය ගිය කුඩා දරුවන් දෙදෙනා එකම මිනී පෙට්ටියක දමා තිබෙනු දුටු බොහෝදෙනා කඳුළු සැළුහ .
මියගිය ධනුෂ්කගේ මිතුරා ගේ එකළොස් හැවිරිදි දියණිය කියා සිටියේ තාත්තේ මට සමාවෙන්න . ඔයාට අපිව අවශ්‍ය වෙලාවේ අපි එතන හිටියේ නැහැ යනුවෙනි .

කැනේඩියානු රූපවාහිනි සේවය කියා සිටියේ මියගිය අයගේ පවූලේ අයට ශ්‍රී ලංකාවේ සිට පැමිණීමට ඉඩ නොලැබුණු බවයි.

 

 

Related Articles