පුරා විද්‍යා මුලාසන මහාචාර්යවරියගේ අයිතිවාසිකම් කඩවේ

පුරා විද්‍යා මුලාසන මහාචාර්යවරියගේ අයිතිවාසිකම් කඩවේ

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ වැඩ බලන අංශ ප්‍රධානි මහාචාර්ය ආනන්ද ජයවික්‍රම අත්තනෝමතිකව කටයුතු කරමින් මුලික අයිතිවාසිකම් කඩ කොට ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කොට ඇත.

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී.දෙහිදෙනිය

මුලාසන මහාචාර්ය රඹුක්වැල්ල මහත්මිය ඉන්දියාවේ රාජස්තාන් හි මොහාන්ලාල් සුකාදිතා ප්‍රතාදිශා
විශ්ව විද්‍යාලයේ පැවති අන්තර්ජාතික පුරා විද්‍යා සම්මේලම්නයකට සහභාගී වීම සඳහා ඉදිරිපත් කළ නිවාඩු ඉල්ලුම් පතක් අනුමත කිරීමට අදාල ක්‍රියා මාර්ග කලට වේලාවට නොගැනීමෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සදහන් 12 වගන්තියෙන් ඇයට හිමි සමානාත්මතාවයේ මුලික හිමිකම කඩවී ඇති බවයි මානව හිමිකම් කොමිෂන් සභාව තීන්දු කොට ඇත්තේ .

මානව හිමිකම් කොමිසමේ වර්තමාන සභාපති සහ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී.දෙහිදෙනිය සහ කොමසාරිස් නිමල් පුංචිහේවා විසින් ලබා දුන් තීන්දුව අනුව මහාචාර්ය ආනන්ද ජයවික්‍රමට එරෙහිව විනය ක්‍රියා මාර්ගයක් ගැනීමේ වගකීම විශ්ව විද්‍යාලයේ පාලක සභාව වෙත පවරා ඇත.

නිවාඩු අනුමත කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලය නිදහසට කරුණු දැක්වුවත් මානව හිමිකම් කොමිසම කියා සිටින්නේ එම කරුණු පිළිගත නොහැකි බවයි . මහාචාර්ය වරිය ගේ නිවාඩු ඉල්ලුම්පත කලට වේලාවට අනුමත නොකීර්ම සම්බන්ධයෙන් මහාචාර්ය ආනන්ද ජයවික්‍රම ඍජුවම වග කිවයුතු බවයි මානව හිමිකම් කොමිසම පවසන්නේ .

මහාචාර්ය ආනන්ද ජයවික්‍රමට එරෙහිව ගනු ලබන විනය ක්‍රියා මාර්ගය මානව හිමිකම් කොමිෂන් සභාවට මාර්තු මස විසි එක්වෙනි දිනට පෙර දැනුම් දිය යුතු බවයි නියෝගයේ සඳහන් වී ඇත්තේ .

මෙම තීන්දුව සම්බන්ධයෙන් හොයා බැලීමට සහ වැඩිදුර කටයුතු කිරීම සඳහා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාගවන් සහ පේරාදෙණිය විශ්ව විද්‍යාල පාලක මණ්ඩලයේ සියළුම සාමාජිකයින් දැනුවත් කිරීමට මානව හිමිකම් කොමිසම කටයුතු කොට ඇත .

මේ තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වන නීති විශ්ලේෂකයින් පවසන්නේ අධ්‍යාපන වගකීම් භාර මහචාර්යවරයෙක් තවත් මහාචාර්යවරයෙකුගේ අධ්‍යාපන කටයුත්තකට චේතනාන්විතව බාධා කළ බව පෙනෙන්නට තිබීම බරපතල කාරණයක් වන බවයි. විශේෂයෙන්ම පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ජාත්‍යන්තර කීර්තිය ලබාදෙන අවස්ථාවකට බාධා කිරීම අධ්‍යයන නිදහස සම්බන්ධයෙන් බරපතල ගැටළු මතු කරන බවයි නීති විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

Related Articles