මැතිවරණ තැටිය රත්වෙයි

මැතිවරණ තැටිය රත්වෙයි

මැතිවරණ සටන තවත් තියුණු වී ඇත්තේ මුලින් පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණයද මහමැතිරණයද යන කරුණ උඩයි .
මාලිමාව හැරෙන්නට අන් සියළු පක්ෂ මුලින් මහ මැතිවරණයකට කැමති බව පෙනෙන්නට තිබේ .

මේ කතිකාවත යටින් ඇත්තේ අපිට වඩා වාසිදායක ලෙස බෙදා ගන්න පුළුවන් මොන හැන්දෙන්ද යන කාරණයයි .

නායකත්ව අර්බුදයකට මුහුණදී සිටින පොහොට්ටුවට මහ මැතිවරණය යනු එම අර්බුදය වසා ගැනීමට ලැබෙන කඩතුරාවකි .

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගයට මුලින් මහ මැතිවරණයක් යනු කල දසාව උරගා බැලීමට ඉඩ ලැබෙන මුට්ටියකි .

මලිමාවට මුලින් ජනාධිපති වරණයක් පැවැත්වීම යනු මේ වන විට ජව ගැන්වී ඇති අනුර කුමාර දිසානායක ගේ නායකත්වයෙන් වාසි ලබා ගැනීමේ අවස්ථාවකි .තැටිය රත් වූ විට රොටිය පුච්චා ගැනීමකි

 

හංසයා සමඟ රනිල්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන්නේ හංසයා ලකුණ සහිත පොදු සන්ධානයකින් බව ආරංචි මාර්ග සඳහන් කරයි.මීට පෙර හංසයා ලකුණින් තරඟ කළේ සරත් ෆොන්සේකාය .මේ ආරංචි පැතිර යන්නේ තමන්ටට නියත වශයෙන් ජයග්‍රහණය කිරීමේ අවස්ථාවක් නැතිනම් රනිල් වික්‍රමසිංහ තරඟ නොකරන බවට ආරංචි පැතිර යන අවස්ථාවේදීය .

රනිල් ගේ අපේක්ෂාව තමන්ට හිතවත් පක්ෂ සමඟ සන්ධානගත වී ජාතික අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට තරඟ රග කිරීම බවයි දැනට පළවෙන්නේ .

නිමල් ලංසා කණ්ඩායම ප්‍රමුඛ සුළු පක්ෂ ගණනාවක් සමඟ ද පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සමඟ ද තමන්ට සහාය ලබාගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය දැනට සැලසුම් කරමින් සිටී. අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ආදීන් දැනටමත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟය .ඔවුන් තම පොහොට්ටු සගයින්ට කථා කරමින් සිටිති .

 

 

පොහොට් ටුවේ කඹ ඇදිල්ල
ඕනෑම පක්ෂයක් ඇතුලේ ඡන්දයට කැමති හා අකමැති පිරිස් සිට අතර අවසාන තීරණය වන්නේ පක්ෂ තීරණය බව පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි

“මහින්ද ජනාධිපතිතුමාගෙ කාලෙ වෙලාවට ඡන්දය තිබ්බා.මම කියන්නෙ මහ මැතිවරණයක් තිබ්බොත් සැබෑ ජනමතය බලා ගන්න පුළුවන් කියලා.පක්ෂය ඇතුලෙ පෞද්ගලික මත තියෙන්න පුළුවන් .මැතිවරණ එපා කියන්න පුළුවන් .හැබැයි ඒවා පෞද්ගලික මත විතරයි.පක්ෂය තීරණය කළොත් මොකක්ද තියන්න ඕනෙ මැතිවරණය කියලා, ඊට හැම දෙනාම සහයෝගය දිය යුතු යැයි නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය

ප්‍රසන්න රණතුංග, කාංචන විජේසේකර ඇතුළු අමාත්‍යවරුන් පිරිසක් පළමුව ජනාධිපතිවරණය පැවැත්විය යුතුය යන අදහසකට එළැඹ සිටිති .

“දිස්ත්‍රික්කය පුරා විශාල මැතිවරණයක් මෙහෙයවනවට වඩා ජනාධිපතිවරණයකට යාම මේ වෙලාවේ වඩාත් පහසුයි”යැයි ප්‍රසන්න රණතුංග පවසයි .

 

අපි ඕවට නෑ

පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා මැතිසබයේ යම් පක්ෂයක් විසින් යෝජනාවක් ඉදිරිපත් කළහොත් ඊට ඡන්දය ප්‍රකාශ නොකර සිටීමට ජාතික ජන බලවේගය තීරණය කර ඇතැයි එම පක්ෂයේ ආරංච් මාර්ග පවසයි ..

තම පක්ෂය ඕනෑම මැතිවරණයකට සූදානම් වුවත් විවිධ පක්ෂවල දේශපාලන ගේම් සඳහා කිසිදු ආකාරයකින් සහායක් ලබා නොදීමට ඔවුන් මෙම තීරණය ගෙන ඇත.

බැසිල් ගෙන් සමහන්

පොදු ජන පෙරමුණේ පිපිරීම් සමහන් කිරීමට බැසිල් රාජපක්ෂ කටයුතු කරමින් සිටිති

“මොකද කරන්නේ.. අපි ආයේ එකතුවෙලා වැඩ කරමු”

පොහොට්ටුවේ සිට පොහොට්ටුව හැර ගිය දේශපාලනඥයන්, වෘත්තීය සමිති නායකයන් ඇතුළු පිළිගත හැකි බලපෑම් සහගත චරිත නැවත පක්ෂය වෙත කැඳවා ගැනීමේ මෙහෙයුමක බැසිල් රාජපක්ෂ නිරතව සිටින නමුත් ඊට ලැබෙමින් තිබෙන්නේ මන්දගාමී ප්‍රතිචාරයකි . බැසිල් පිළිබඳව ඇතිව තිබෙන ප්‍රතිරූ පය තමන්ට අහිතකර ලෙස බලපාන්නට ඉඩ තිබෙන බව කල්පනා කරන මන්ත්‍රීවරු පිරිසක් සිටිති
. බැසිල් රාජපක්ෂ පෞද්ගලිකව මෙම මෙහෙයුම දියත් කර තිබුනත් බොහෝ පිරිස් ඔහුගේ දුරකථන ඇමතුම් නොගෙන සිටින බවයි ආරංචි වන්නේ .

 

කව්ද මේ හාදයා

සමගි ජන බලවේගය ඉකුත් සතිය වන විට සිය දේශපාලන මෙහෙයුම් තවත් වර්ධනය කර ඇති බව පෙනී ගියේය. සතියේ සෑම දිනකම පාහේ කුමන හෝ තේමාවක් යටතේ ජන හමුවක්, බඩු බාහිරාදිය බෙදා දීමක් සිදු කිරීමට සජබ නායකත්වය කටයුතු කළේය. ඒ අතර ජනපතිගේ ප්‍රකාශයට ද පිළිතුරු ලබාදීමට ඔහු අමතක කළේ නැත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ
කුලියාපිටියේදී අරගලකරුවන් සජිත් ප්‍රේමදාසට විරෝධය පළ කරන වීඩියෝ දර්ශන පෙන්වමින් පැවසුවේ බිය නිසා සජිත් ප්‍රේමදාස ජනාධිපතිකම භාර ගැනීම ප්‍රතික්ෂේප කල බවයි

“එක හාදයෙක් පහුගිය දවසක වේදිකාවක් උඩ නැගලා වීඩියෝ පට පෙන්න පෙන්න මට පහර ගහනවා. මම වගකීම් බාරගත්තෙ නැතිලු. ඔව්.. මම කොහොමද වගකීම් බාරගන්නේ හොරු රුලක් එක්ක. මම බාරගත්ත නම් මාත් රුකෙන්නේ රට විනාශ කරපු පොහොට්ටු හොරු එකසිය තිස් හතර දෙනා මතයි.”

Related Articles