පාන්  කියා ගන්න  බෑ

පාන් කියා ගන්න බෑ

පාන් මිනිස් වර්ගයා භාවිතා කළ පැරණිතම ආහාරයකි . පළමු සාක්ෂිය වසර 30,000 කට පමණ පෙර පැලියොලිතික් යුගයේදී ආරම්භ වේ. පුරාවිද්‍යාත්මක සොයාගැනීම්වලින් පෙනී යන්නේ මෙම කාලය තුළ මිනිසුන් ධාන්‍ය පොඩි කර ජලය සමග මිශ්‍ර කර තලපයක් වැනි ද්‍රව්‍යයක් සාදා ඒවා උණුසුම් ගල් මත තම්බා පාන් සාදන බවයි. මෙම පාන් බොහෝ විට ඝන සහ තද විය .

ඊජිප්තු පාන්

පාන්, යුරෝපීයයන් විසින් අප රටට හඳුන්වා දෙනු ලැබූවක්.මුල්ම වරට ක්‍රමවත්ව ආකාරයට පාන් නිපදවනු ලැබුවේ ඊජිප්තු වැසියන්. එසේම යීස්ට් නම් පිපුම්කාරක ද්‍රව්‍යය සොයාගැනීමේ ගෞරවය හිමිවන්නේ ද ඊජිප්තු ජාතිකයන්ට යි. එදා තිරිඟු පිටියෙන් යීස්ට් යොදා පාන් නිෂ්පාදනය කළ ඊජිප්තු වැසියන් ඒවා පුළුස්සා ගැනීම සඳහා පාන් පෝරණු භාවිතා කළා. එකල ඊජිප්තුවේ සෑම ගමකම වාගේ පෝරණු තිබුණු බව සඳහන් වනවා. එසේම ඈත අතීතයේ සිටම ඊජිප්තුව තුළ පාන් භාවිතා කළ බව කියවෙන සාක්ෂ්‍ය පිරමීඩ තුළින් හමු වුණා. ඒ පිරමීඩ තුළ.

මස්ලින්  පාන්
මධ්‍යතන යුගයේ දී පාන් යුරෝපය තුළ ජනප්‍රිය වුණා. එම යුගයේ දී බ්‍රිතාන්‍යය ජාතිකයන් රයි පිටි යොදා නිෂ්පාදනය කළ මස්ලින් නම් පාන් වර්ගය ඉතාමත් ජනප්‍රිය වුණා. එම අවධියේ දී බේකරිවල වැඩ කටයුතු කිරීම සඳහා ජල මෝල් යොදාගනු ලැබුවා.

15 වන ශත වර්ෂය පමණ වන විට බ්‍රිතාන්‍යය තුළ නිපදවූ පාන්වලට සහතික මිලක් නියම කළා. ඒ අනුව පාන් රාත්තලක් අලෙවි කිරීමට නියම වුණේ පැන්ස 1ක මුදලකට යි. වැඩි මුදලට පාන් විකුණන බේකරි හිමියන්ට දඬුවම් ලබාදීමේ ක්‍රමයක් බ්‍රිතාන්‍යය තුළ ක්‍රියාත්මක වුණා. එම දඬුවම් ක්‍රමයේ දී අදාළ බේකරි හිමියාගේ බෙල්ලේ පාන් ගෙඩියක් එල්ලා ජනාකීර්ණ වීදී දිගේ ඇදගෙන යාම සිදු වුණා. එවැනි දඬුවමක් විඳීමෙන් විශාල අවමානයකට මුහුණපාන්නට සිදුවන නිසා බේකරි හිමියන් නියමිත මුදලට පාන් අලෙවි කළහ .

 

පාන් නැත්නම් කේක්

පාන් නැත්නම් කේක් කාපල්ලා’ යැයි කීවේ 1780 දී ප්‍රංශ අග රැජිනිය වූ මාරි ඇන්ටෝනිට් බව ප්‍රංශ විප්ලව සමයේ කතාවක්
පැතිර ගිය අතර පසුව ඇය සැබැවින්ම එසේ නොකියූ බව හෙළිදරව් විය .

 

 

මාරි ඇන්ටෝනිට්

තිරිවානා ගල් කැට

1505 වසරේ දී මෙරටට පැමිණි පෘතුගීසි ජාතිකයන් පාන් ආහාරයට ගනිමින් වයින් පානය කරමින් සිටින අයුරු දුටු රජුගේ චරපුරුෂයන්, ‘තිරිවානා ගල් කැට කමින් ලේ බොන පිරිසක් ගොඩ බැස සිටින බව’ රජුට දන්වා සිටියහ.

පෘතුගීසි ජාතිකයන් අතර වඩාත් ජනප්‍රිය වී තිබුණු පාන් ඔවුන් ‘පාඕ’ ලෙසින් හැඳින්වූහ .

ඉහළ පැළැන්තියේ උදවිය බටර් තැවරූ පාන් ආහාරයට ගැනීමට පුරුදුව සිටියත් 20 වැනි සියවසේ මුල් දශක කිහිපය ගෙවෙන තුරු තිරිඟු පිටිවලින් සැදූ ආහාර මෙරට තුළ ජනප්‍රියව තිබුණේ නැහැ.

දුප්පතා ගේ හිතවතා
දෙවන ලෝක යුද්ධය ආරම්භ වීමත් සමගම මෙරට සහල් නිෂ්පාදනය අඩාල විය ආහාර අර්බුදයක් ඇතිවීම වැලැක්වීම සඳහා විසඳුමක් ලෙස ඕස්ට්‍රේලියාවෙන් තිරිඟු සහ තිරිඟු පිටි ආනයනය කිර්ර්මත් සමඟ පාන් ජනප්‍රිය විය .එතැන් පටන් දුප්පතා ගේ හිතවතා බවට පත් වූ පාන් දැන් දුප්පතා ගෙන් ඈත් වෙමින් සිටී.

ශ්‍රී ලංකාව තුල පාන් ප්‍රචලිත වීමට හේතු වුයේ PL 480 ගිවිසුම ඔස්සේ ඇමරිකන් පිටි වලට රුපියල් වලින් ගෙවීමට ඉඩ ලැබීමයි.
දැන් නම් වැඩි දෙනාට පාන් කියා ගන්ට බැරිය එහෙත් වගකිවයුත්තන් ඉතින් අපිට පාන්ද කියා ඇසීමට ඉඩ ඇත .

 

 

 

 

 

 

Related Articles