බැසිල් යෝජනාව ලත් තැනම ලොප්

බැසිල් යෝජනාව ලත් තැනම ලොප්

බැසිල් රාජපක්ෂ දිගින් දිගටම ඉක්මණින් මහ මැතිවරණයක් පවත්වා අවාසිය අවම කර ගැනීමේ උත්සහයක නිරතව සිටී

ජනපතිවරණයකට යාම පොහොට්ටුවට අවාසි බව යි ඔහු තර්ක කරන් අතරවාරේ ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් දිනා ගැනීමේ උපායක් දියත් කිරීමට ගත් උත්සාහයක් ලත් තැනම ලොප් වී ඇති බවයි වාර්තා වන්නේ.

කතානායකට එරෙහි ඉදිරියේදී පවත්වන්නට නියමිත විශ්වාසභංගයේදී කතානායකවරයා පරාජයට පත් කිරීම සඳහා කටයුතු කොට ආණ්ඩුවට ජන මතයක් නැති බව පවසමින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට බල කිරීම එම උපක්‍රමයයි .

 

කතානායකවරයා ඔන්ලයින් පනත සම්මත කිරීමේදී අයථා ලෙස හැසිරුණ බව කියමින් විපක්ෂය ගෙනා
මෙම විශ්වාසභංග යෝජනාව මාර්තු 19 වෙනි දින විවාදයට ගන්නා අතර 20 වෙනි දින ඡන්දය විමසීමට නියමිත ය.

බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ ඔවුන්ගේ සමීපතමයින් මේ පිළිබඳව රහස් සාකච්ඡා වටයක් ආරම්භ කළ නමුත් එය ලත් තැනම ලොප් වී ඇත .

සමීපතමයින් ගෙන් ප්‍රශ්න
ඔන්ලයින් පනත සම්මත කිරීමේදී පොහට්ටුවේ මන්ත්‍රී වරුන් සියළු දෙනාම ඊට පක්ෂව ඡන්දය ඇති අතර දැන් කතානායකවරයා ඔන්ලයින් පනත සම්මත කිරීමේදී අයථා ලෙස හැසිරුණ බව කියන්නේ කෙසේදැයි මන්ත්‍රීවරුන්
බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ සමීපතමයින් ගෙන් ප්‍රශ්න කොට ඇත.

කතානායක පරාජයට පත් කොට පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා අත්සන් 113 ලබා ගැනීමේ සැලසුම ක්‍රියාත්මක නොවුනත් පළමුව පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට ඉඩ ඇත . රනිල් වික්‍රමසිංහ හටද පළමු කොට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවත්වීම වඩා වාසිදායක විය හැකිය . පොහොට්ටුවෙන් සහ සමඟි ජන බලව්ගයෙන් මන්ත්‍රීවරුන් දිනා ගැනීම ගැනීම සඳහා දැනටමත් මෙහෙයුමක් ආරම්භ වී ඇත .
ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා මේ වන විට රනිල් වික්‍රමසිංහ වෙත තම සහයෝගය පල කොට ඇත.

කතානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව ලබන 19 සහ 20 වෙනි දින විවාදයට ගන්නා අවස්ථාවේදී මන්ත්‍රීවරුන් කීප දෙනක් පිල් මාරු කිරීමට නියමිතය .

මේ වන විට බැසිල් රාජපක්ෂ ගේ නායකත්වය තමන්ට අවාසිදායක වෙමින් පවතින බවත් මහින්ද රාජපක්ෂ පෙරමුණේ තබා ගෙන පක්ෂය ප්‍රති සංවිධානය කරගත යුතු බව කියන පොහොට්ටු මන්ත්‍රීවරුන් ගේ සංක්‍යාව වද්වෙමින් පවතින බව වාර්තා වේ .

Related Articles