ඔටාවා සැකකරු කෙඳිරිලි හඬින්

ඔටාවා සැකකරු කෙඳිරිලි හඬින්

කැනඩාවේ හය පුද්ගල මනුෂ්‍ය ඝාතන නඩුවේ සැකකරු ෆෙබ්‍රියන් සොයිසා ගේ නඩු විභාගය මිනිත්තු හතරකට පමණක් සීමාවිය . මේ වන විට ඔහු වෙනුවෙන් නීතිවේදියෙක් පත්ව සිටී . සැකකරු හොඳින් සිටින නමුත් නීතිවේදියා වැඩිදුර තොරතුරු පැවසීමෙන් වැලකී සිටියේය .

ඔහුගේ නම සහ වයස ඇසු විට ෆෙබ්‍රියන් සොයිසා පිළිතුරු දුන්නේ කෙඳිරිලි හඬිනි

සැකකරු ගේ මානසික තත්වය පිළිබඳව හොයා බැලීම අවශ්‍ය විය හැකි බව අදහස් දැක්වූ නීතිවෙදීනි ඩෑෆ්නි ගිල්බට් පැවසුවාය . පිහි ඇනුමට ලක්වූ ධනුෂ්ක වික්‍රමසිංහ රෝහලෙන් පිටවී ඇත.

 

Related Articles