මෝටර් රථ ආනයනය ලබන වසරේ

මෝටර් රථ ආනයනය ලබන වසරේ

ලබන වසරේ සිට පියවරෙන් පියවර මෝටර් රථ ආනයනය කිරීමට කටයුතු කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ පවසයි. මෝටර් රථ ආනයනයට මේ අවස්ථාවේදී අවසර ලබාදුනහොත් රට ආපස්සට ගමන් කල හැකි බව ඔහු කියා සිටියේය .

 

තරුණ හමුවක් අතර තුර ජනපතිවරයාට යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ රථ වාහන ආනයනයට
ඉඩදීම ඉක්මන් වැඩිවීමක් විය හැකි බවය.

“ලබන වසරේ සිට අපි එය  සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. මෝටර් රථ වෙළඳපොලේ පවතින ගැටළු පිළිබඳ මම දැනුවත්. නමුත් තවමත් අපගේ ගෙවුම් ශේෂය යහපත් තත්ත්වයක නැහැ. අපි මෝටර් රථ ආනයනය හැර අනෙක් සියල්ලට ඉඩ දී තිබෙනවා.”

” ලබන වසරේ සිට පියවරෙන් පියවර, මුලින්ම අත්‍යවශ්‍ය වාහන වර්ග ආනයනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ වසරේ සංචාරකයින් ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බස් රථ ආනයනයට අප අවසර දී තිබෙනවා”

Related Articles