කටුනායකවාග් ප්‍රහාර

කටුනායකවාග් ප්‍රහාර

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් නිරන්තරයෙන් ප්‍රමාදවීම නිසා ගුවන්තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන් කාර්ය මණ්ඩලයට වාග් ප්‍රහාර එල්ල කරමින් සිටිති. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවක හිඟයක් පවතින බවත්, අත්දැකීම් සහිත සේවකයන් රට හැරගොස් විදෙස් ගුවන් සමාගම් සමඟ එක්වීම මෙම ප්‍රමාද වලට හේතුවේ ඇති බව දැනගන්නට තිබේ.

නිතර වාග් ප්‍රහාර වලට ලක්වෙන සේවකයින් මෙම ගැටළුව පිළිබඳව පාලනාධිකාරියේ අවධානය යොමු කරවීම සඳහා සේවකයින් (25 දා) පෙරවරුවේ සේවයෙන් ඉවත්වී වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීම නිසා තවත් ප්‍රමාදයන් ඇති විය .

ඉන්දියාව, බංග්ලාදේශය සහ මැලේසියාව යන රටවලට යෑමට තිබූ ගුවන් ගමන් හතරක් ප්‍රමාදවීම නිසා උණුසුම් තත්ත්වයක් ඇති වේ තිබේ. ඉන්දියාවේ චෙන්නායි, හයිද්‍රබාද්, බංගලාදේශයේ ඩකා සහ මැලේසියාවේ ක්වාලාලාම්පූර් බලා පිටත්ව යාමට නියමිතව තිබූ ගුවන්යානා ප්‍රමාද වී හේතුවෙන් ගුවන් සමගමට පාඩු වූ අතර මගීන් අපහසුවට පත්වූහ.

ගුවන්තොටුපළ මෙහෙයුම් පිළිබඳ ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ අලුයම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මගින් ක්‍රියාත්මක කරනු ලබන පිරික්සුම් කවුන්ටරවල (Check in Counter) සිදුවූ ප්‍රමාදයන් තාවකාලික, සැලසුම් නොකළ මෙහෙයුම් තත්ත්වයන් නිසා සිදුවූවක් මිස, කිසිදු ආකාරයක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නිසා සිදුවූවක් නොවන බව දන්වා සිටී.

මේ පිළිබඳව තතු දත් ආරංචි මාර්ග පවසන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙමින් සිටින බවයි.

Related Articles