ඉන්දීය බැතිමතුන්ගේ කච්චතිව් වර්ජනය

ඉන්දීය බැතිමතුන්ගේ කච්චතිව් වර්ජනය

කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථාන මංගල්‍ය දේව මෙහෙය සඳහා මෙවර ඉන්දීය බැතිමතුන් පැමිණ සිටියේ නැත .

යාපනය පදවියේ අනුනායක ජේ බී ජෙබරත්නම් පියතුමන් පැවසුවේ ඉන්දු – ලංකා ධීවරයින් සහෝදරත්වයෙන් යුතුව සමරනු ලබන දේව මංගල්‍ය සඳහා ඉන්දීය ධීවරයින් නොපැමිණීම නිසා අඩුවක් දැනුන බවයි .

සෑම වසරකම ඉන්දීය බැතිමතුන් 3000 කට ආසන්න පිරිසක් මේ උත්සවයට එක්වෙන නමුත් ශ්‍රී ලංකා සාගර කලාපයට ඇතුළු වී අනවසරයෙන් ධීවර කටයුතුවල නිරතවු ඉන්දීය ධීවරයින් පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීමට දකුණු ඉන්දීය ධීවරයෝ දියත් කළ විරෝධතා මාලාව හේතුවෙන් ඉන්දීය බැතිමතුන් පල්ලියේ මංගල්‍ය වර්ජනය කළහ.

 

සහෝදර ධීවර පිරිස

රාමේශ්වරම්, විශාකපට්ටිනම් ධීවර සංගමයේ සභාපති ඒ.ජේසුරාජ් ඉන්දු – ලංකා ධීවර ගැටළුව හා කච්චතිව් මංගල්‍ය වර්ජනය කළේ අසාධාරණ ලෙස අත්අඩංගුවට ගත් 30 කට අධික තම සහෝදර ධීවර පිරිස නිදහස් කරගන්නේ නැතුව තමන්ට පල්ලිය මංගල්‍යට සහභාගී නොවිය හැකි බවයි.

“කච්චතිව් කියන්නේ රාමේශ්වරම්වලට ඉතාම ආසන්න දූපතක්. රාමේශ්වරම්වලට ආසන්න දූපතක් වන කච්චතිව් මුහුදේ මාළු ඇල්ලුවත් ශ්‍රී ලංකාවේ නාවික හමුදාව අපේ අය අල්ලගෙන යනවා ශ්‍රී ලංකා මුහුදේ මාළු ඇල්ලුවා කියලා.”

 

“අපිට ආසන්න දූපතක අපිට මාළු අල්ලන්න බැරි නම් ඒක මොන තරම් අසාධාරණද. මේ 2024 අවුරුද්දේ බෝට්ටු 100 කින් කච්චතිව් මංගල්‍යය වෙනුවෙන් සහභාගිවෙන්න දකුණු ඉන්දීය ධීවරයින් බලාපොරොත්තුවෙලා හිටියේ.” යැයි ඉන්දීය ධීවරයින් පවසති .

ශ්‍රී ලංකාවේ ධීවරයින් මෙන්ම නාවික හමුදාවත් පවසන්නේ ඉන්දීය ධීවරයින් නිතිපතා ශ්‍රී ලංකා මුහුදු කලාපයට ඇතුල්වී

මත්ස්‍ය සම්පත නෙළා ගන්නා බවයි . දෙරටේ ම ඉහළ පෙළේ නායකත්වය මේ පිළිබඳව අවස්ථා ගණනාවකදීම සාකච්ඡා කොට ඇතත් අළුයට ගිනි පුපුරක් සේ ගැටලුව විටින් විට මතුවෙමින් පවතී.

සිරිමාවෝ බණ්ඩාරනාය හා ඉන්දීය අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළ ඉන්දිරා ගාන්ධි අතර 1974 ජුනි 26 වැනිදා අත්සන් කළ ගිවිසුමක් මත

කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට හිමිවිය.

 

Related Articles