කණගාටුයි වනිඳු

කණගාටුයි වනිඳු

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පැනවූ තරඟ  තහනමත් සමග වනිදු හසරංග හට තරඟ දෙකක් තහනම් වී ඇත.

එළඹෙන බංග්ලාදේශ සංචාරයේ දී පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ පළමු තරඟ  දෙක වනිදු හසරංග හට අහිමි වී ඇත්තේ කට වරද්දා ගැනීමේ හේතුවෙනි .

සිය චර්යාධර්ම සංග්‍රහයේ 2.13 වගන්තියට අනුව ජාත්‍යන්තර තරඟගයකදී ක්‍රීඩකයෙකු, ක්‍රීඩක සහායකයෙකු, විනිසුරුවරයෙකු හෝ තරග තීරකවරයෙකුට අපහාස නොකළ යුතු නමුත් වනිදු හසරංග ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟ පැවැති තෙවන පන්දුවාර විස්සයි 20 තරඟගයේ දී විනිසුරු ලින්ඩන් හැනිබල්ගේ තීරණය ප්‍රශ්න කරමින් කියා සිටියේ විනිසුරුවරයා වෙනත් රැකියාවක් හොයාගත යුතු බවයි.

අවසන් පන්දුවාරයේ ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නා විසින් ඉනට ඉහළින් යොමු කළ පන්දුවක් මේ ආරාවුලට හේතුවී ඇත පැති විනිසුරුවරයා ලෙස කටයුතු කළ ලින්ඩන් හැනිබල් විනිසුරුවරයා මේ පන්දුව නිපන්දුවක් ලෙස සංඥා නොකිරීම හසරංග කෝප ගැන්වීමට හේතු විය .

අපහාස කිරීමේ චෝදනාවට වනිදු හසරංග වැරදිකරුවෙක් බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි .මේ වන විට වනිදු හසරංග නොටෝරියස් වී සිටී .

වනිදු හසරංග ගතවූ අවුරදු දෙක තුළ ලබා ඇති දඬුවම් ලකුණු සංඛ්‍යාව 05ක් දක්වා ඉහළ ගොස් ඇත.

මුදලින් සියයට 50ක දඩයක්ද

විස්සයි 20 තරග දෙකක තහනමට අමතරව සහ තරග මුදලින් සියයට 50ක දඩයක්ද ගෙවීමට සිදුවෙනු ඇත .

වනිදු හසරංග මෙම තීරණය පිළිගෙන ඇති අතර නිදහසට කරුණු දක්වා නැත .

පිටියේ ඇති වූ උණුසුම් සිදුවීමට අමතරව තරඟ අවසානයේ පැවති පුවත් හමුවේදී විනිසුරු ලින්ඩන් හැනිබල් ගේ තීරණයක් පිළිබඳව අපහාසත්මකව කථා පිළිබඳව කතා කිරීම පිළිගත නොහැක්කක් බවයි මධ්‍යස්ථ විචාරකයින් පවසන්නේ.

Related Articles