කප්පම් තර්ජනයට ගොදුරුවූ කාන්තාව මරණයෙන් ගැලවෙයි

කප්පම් තර්ජනයට ගොදුරුවූ කාන්තාව මරණයෙන් ගැලවෙයි

මේ දෙදරු මවගේ සැමියා විදෙස්ගතව සිටියදී ඇය හිටපු පොලිස් නිලධාරියෙකු සමග අනියම් සම්බන්ධතාවයක් ආරම්හ කලාය. හිටපු පොලිස් නිලධාරිය සමඟ ලැගුම්හල් වලට ගොස් කල කී දේ ඔහු සිය ජංගම දුරකතනයෙන් වීඩියෝ කරගත් පසුවයි ඇයට තමන් වරද තේරුම් ගියේ.

මේ හිටපු පොලිස් නිලධාරියා මේ වීඩියෝ විදේශගත සැමියාට යවන බව කියමින් ඇගෙන් කප්පම් ඉල්ලන්ට විය. විටින් විට දුන් කප්පම් ලක්ෂ හතර ඉක්මවා ගිය තැන අය අන්ත අසරණ වුවාය. කොයි තරම් බැගෑපත්ව ඉල්ලා සිටියත් ඇයට තර්ජනය කරමින් හිටපු පොලිස් නිලධාරියා ඇගෙන් කප්පම් ඉල්ලා සිටියේය.

හිටපු පොලිස් නිලධාරියා ඊයේ (28) පස්වරුවේ තමාට රුපියල් හැටදහසක් ඉල්ලා තර්ජනය කළේ ඉල්ලු මුදල ලබා නොදුනහොත් ලැගුම් හලේදී ගත් වීඩියෝව විදේශගත සැමියාට යවන බව කියමිනි.

ඇය තීරණයක් ගත්තාය. මාස අටේ දියණියක් වඩාගෙන අහුන්ගල්ලේදී දුම්රියට පනින්න ඇය ගත් උත්සාහය වැලකී ගියේ අහුන්ගල්ල උප කදවුරේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් වහාම ක්‍රියාත්මක වූ බැවිනි.

අහුන්ගල්ලේදී දුම්රියට පනින්න හැදු අවස්ථාවේදී ඒ ආසන්නයේ මාර්ග සංචාරයේ යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් මේ කාන්තාව බේරා ගෙන අහුන්ගල්ල පොලීසියට භාරදී තිබේ. පොලීසිය දැන් ඇය සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යමින් ඇගෙන් කප්පම් ලබාගත් හිටපු පොලිස් නිලධාරියා සහ වීඩියෝ කළ ජංගම දුරකතනයද සොයමින් සිටී.

Related Articles