ජාතික ජන  බලවේගයට  ගේමක් දෙන සජබ  මෙහෙයුම  නෙළුම්  පොකුනෙන්

ජාතික ජන බලවේගයට ගේමක් දෙන සජබ මෙහෙයුම නෙළුම් පොකුනෙන්

දැවැන්ත ජන බලවේගයක් ලෙසින් ඉස්මතු වෙන මහා සංදර්ශනයක් ජනවාරි 02 දා නෙළුම් පොකුණේ දී පැවැත්වීමට සමඟි ජන බලවේගය කටයුතු යොදා ඇත. ජාතික ජන බල වේගය සහ අනුර කුමාර දිසානායක ගේ ප්‍රචාරණ ව්‍යාපාරයේ ජවයට අභියෝග කල හැකි අන්දමේ වැඩපිළිවෙලක් තමන්ට තිබිය යුතු බවයි සමඟි ජන බලවේග සංවිධායකයින් කල්පනා කරන්නේ.

රටට ආදරය කරන ජාතිමාමක දේශහිතෛශී එමෙන්ම ජාතිවාදී ආගම්වාදි නොවන කාටත් මේ අවස්ථාවට ආරාධනා කල බවත් තමන් සහ මහලේකම් රංජිත් බණ්ඩාරත් ජනාධිපති රනිල් වික්‍රමසිංහටත් ආරාධනය කල බවයි සජිත් ප්‍රේමදාස පවසන්නේ .මේ අවස්ථාවේදී පවතින තත්වය අනුව මේ අවස්ථාවට සහභාගී වී සජිත් ප්‍රේමදාස හා එක්වීම රනිල් වික්‍රමසිංහට නරක තීන්දුවක් නොවිය හැකි බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ .රාජපක්ෂ ල ගේ පැත්තෙන් බලන විට ජාතික ජන බලවේගය බලයට පත්වෙනවාට වැඩ හොඳ තත්වයකි.

ආරාධිතයින් අතර වඳ කොත්තු ගැන මොරදුන් චන්න ජයසුමන හෝ පසුගිය කාලයේ නොයෙකුත් දුෂණ චෝදනා එල්ලවූ නාලක ගොඩහේවා සිටීදැයි තවමත් හෙළිදරව් වී නැත .ජාතිමාමක දේශහිතෛශී එමෙන්ම ජාතිවාදී ආගම්වාදි නොවන පිරිස් වලට ආරාධනය කෙරෙන හෙයින් ඒ පිළිබඳව සමඟි ජන බලවේගයේ මිණුම් දඬු විමසීමට මේ සමාරම්භක උළෙල හොඳ අවස්ථාවක් වනු ඇත.

සංවිධායකයින්ගේ අරමුණ හවුස් ෆුල් ෂෝ එකක් ඉදරිපත් කිරීමයි මේ නිසා කාට කාටත් ආරාධනා ලැබීමට ඉඩ තිබේ. සජිත් ප්‍රේමදාස ජනපති අපේක්ෂකය බවත් අගමැතිකම් හෝ වෙන තනතුරු ගැන කතා කර නැති බවත් කියන්නේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යි ,මේ මීළඟ බල පොරයේ පළමු වෙඩි මුරයද ?

යහමින් මුදල් වියදම් කිරීමට:

දැනට ලැබෙන වාර්තා අනුව සමඟි ජන බලවේගය වෙනුවෙන් යහමින් මුදල් වියදම් කිරීමට ව්‍යාපාරික ප්‍රජාව සුදානම්ය කටයුතු යොදා ඇත. සජිත් හා ජලනි නුගේගොඩ ශාන්ත ජෝශප් බාලිකා හා වත්තල ගොන්සල්වේස් විදුහල් වලට සුහුරු පංති කාමර ආරම්භ කරමින් පැවසුවේ මාළිමාව ඉදිරියෙන් බව එයාල බොරු කියමින් ලා රට නොමඟ යවන බවයි. දැන් ගේම පැහැදිලිය. සජිත්
සහ අනුර කුමාර එකිනෙකා කරගනිමින් මැතිවරණ ක්‍රියාදාමය පෙරට ඇදෙනු ඇත. අනෙක් සියල්ල අත්වැල් ගායනාය.

මේ තත්වය යටතේ සුළු ජාතික පක්ෂ වලට තීරණාත්මක බලයක් හිමිවීමට ඉඩ ඇත. මේ වන විට සජිත් ප්‍රේමදාසට හෝ අනුර කුමාර දිසානායකට සුළු ජාතික ඡන්ද නියත වශයෙන් ආකර්ශනය වීමට තරම් යමක් ප්‍රකාශයට පත්ව නැත.

මහින්ද රනිල් සහ සජිත් අවසාන විග්‍රහයේදී එක ගොඩකට ගොනු වෙන අතර අනුර කුමාර කුමාර ඇතුළු ජාතික ජන බලවේගය අනෙක් ගොඩේ සිටිනු ඇත .

මෙම ගොනු දෙකටටම ඔවුන්ට ආවේනික වාසි සහ ඇත . සජිත්ට සන්ධානයක වාසිය සේම අවසියද ඇත .සන්ධානය තුල ඡන්ද ගණන වැඩිවෙන අතරම දේශපාලන වශයෙන් නන්නත්තාර දුෂිතයින් ගේ ගාල් වීම වැඩිවිය හැකිය .අනෙක් අතට අනුර කුමාරට ‘තනි’ පෙරමුණක් සේ පෙනී සිටීමට සිදුවෙනු ඇත . රටේ ඡන්ඳදායකයින් වැඩිදෙනා සිටින්නේ මැදය.සීයට තිහක් පමණ අළුත් ඡන්දය මේ පිරිස අංජ බජල් නොවුනු තනි පෙරමුණකට කැමති විය හැකිය .

සජිත්ට කිව හැක්කේ අපි කලින් හිටපු අයට වඩා හොඳට කරනවා කියාය . අනුර කුමාරට කිව හැක්කේ අපි වෙනස් විදියකට කරනවා කියාය. මේ දෙකෙන් ජනතාව කැමැතිවන්නේ කොයිකටද කියා වැඩිකල් යන්නට පෙර දැනගත හැකිවෙනු ඇත.

Related Articles