කහවත්තේ මව ඝාතනය කලේ දුව නොවේ

කහවත්තේ මව ඝාතනය කලේ දුව නොවේ

කහවත්තේ දී කාන්තාවකගේ ගෙල කපා ඝාතනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලීසිය පැවසුවේ මෙම අවිවාහක දියණිය සැකපිට අත්අඩංගුවට ගත් බවයි.  සැකකාර දියණිය ප්‍රමාද වී රැකියාවට යෑම, අත් පැළඳී ඔරලෝසුව බිම වැටී තිබීම, මරා දැමූ මවගේ රන් ආභරණ කොල්ල කා නොතිබීම, අම්මා සහ දුව නිරන්තරව නොහොඳින් සිටි බවට වටින් පිටින් ලැබුන තොරතුරු මත අත්අඩංගුවට ගැනීම සිදුකර තිබින.

ඝාතනයට ලක් වූ විනීතා ජයසුන්දර හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර ගේ වැඩිමහල් සොහොයුරියද වූ අතර ඇය රන්තපුර දිස්ත්‍රික් සමුපකාර ව්‍යාපාරයේ හිටපු සහකාර ලේකම්වරියක ලෙස කටයුතු කලාය.

අවිවාහක තරුණියක වන බාල දියණිය කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියක ලෙස සේවය කල අතර ඇය රැකියාව නිමකර සවස 3.50 ට පමණ නිවසට පැමිණි අවස්ථාවේ ඇගේ මව මුළුතැන් ගේ තුළ රුධිරය ගලන තුවාල සිටිනු දැක කහවත්ත පොලිසිය දැනුවත් කර තිබේ. ඝාතනය සිදු වූ නිවසේ සාලයේ තිබූ රුධිරය පැල්ලම් ඝාතකයා විසින් සෝදාහැර තිබු අතර සාලයේදී ගෙල කපා සිරුර බිම දිගේ මුළුතැන්ගෙය දෙසට ඇදගෙන ගොස් ඇති බව හෙළිදරව් විය .

විනීතා ජයසුන්දර පැළඳ සිටි රන් මාලය කරාබු යුගලය ඇතුළු භාණ්ඩ කිසිවක් ඝාතකයා රැගෙන ගොස් නොතිබූ අතර මේ නිසා ඝාතකයා මංකොල්ල කෑමට පැමිණි අයකු නොවන බව පොලීසිය කියා සිටියේය .

මුලින් සැක කෙරුන දියණිය වෙනුවට තවත් සැකකරුවෙකු පොලීසිය විසින් දැන් ඇත අඩංගුවට ගෙන ඇත. ඔහු යුද හමුදාවේ සේවය කර සේවයෙන් ඉවත් වූ පෙදරේරුවෙකි.

ඔහු විනීතා ජයසුන්දර ගේ නිවෙසේ යම් අලුත්වැඩියා කිරීම් වලට පැමිණ රන් භාණ්ඩ කීපයක් සොරකම් කල බව පොලිසිය කියයි . මේ බව දැනගත් විනීතා ජයසුන්දර මේ පුද්ගලයාට පවසා ඇත්තේ සොරකම් කළ රන් භාණ්ඩ ගෙනත්විත් නොදුනහොත් පොලීසියට පැමිණිලි කරන බවයි .

පොලිසියට යෑමට සුදානම්ව සිටියදී මේ ඝාතනය සිදු වූ බවයි පොලිසිය පවසන්නේ .

Related Articles