හැමෝම  බදු වලට ලියාපදිංචි  කරන එක හරිද?

හැමෝම බදු වලට ලියාපදිංචි කරන එක හරිද?

ජනවාරි 1 වන දා සිට වයස අවුරුදු 18ට වැඩි සියලු ම දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය (TIN) ලබා ගැනීම අනිවාර්ය වේ. සියලු පුරවැසියන්ට ජාතික හැඳුනුම්පත් අංකයක් තිබෙන ආකාරයට ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය (TIN) ද පැවතිය යුතු බව දේශිය අදායම් කොමසාරිස් ඒ.එම්. නෆීර් පවසයි.

බදු ගෙවීම සඳහා තරම් ආදායමක් පවතින්නේ නම් පමණක් ඔවුන් ආදායම් බදු ගෙවිය යුතු වන අතර එවිට පමණක් ඔවුන්ට අදායම් බදු ගෙවීම සඳහා ලිපි ගොනුවක් විවෘත කිරීම සිදු වන කොමසාරිස්වරයා වැඩිදුරට ත් සඳහන් කරයි.

“ 2019 වසරේ බිලියන 1025ක් වූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම, 2020 වර්ෂයේදී බිලියන 500 දක්වා අඩු වූවත් මේ වර්ෂයේදී අපට බිලියන 1500 දක්වා ඉහළ නැංවීමට හැකි වුණා. එය සිදු වුණේ බදු පදනම පුළුල් කිරීම සහ බදු අනුපාතයන් වෙනස් කිරීම මගිනුයි.” යැයි කොමසාරිස්වරයා පැවසීය.

ශ්‍රි ලංකාවේ පවුල් වලින් 75% පමණ දිනපතා ආහාර වේල සම්පාදනය කරගත නොහැකිව සිටියදී දහ අටට වැඩි සියලු දෙනා බදු සඳහා ලියාපදිංචි කිරීම තාර්කික නොවන බවයි ඇතැම් බදු උපදේශකයින් පෙන්වා දෙන්නේ.

Related Articles