ක්‍රිකට් ඇත්තටම මහත්වරුන්ගේ ක්‍රීඩාවක්ද ?

ක්‍රිකට් ඇත්තටම මහත්වරුන්ගේ ක්‍රීඩාවක්ද ?

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවති තරඟයේදී ඇන්ජලෝ මැතිව්ස් දැවීගියේ ක්‍රීඩා ඉතිහාසයේ හාසයට එක්වෙමිනි . නීති රීති සහ ක්‍රීඩාශීලිත්වය අතර සමබරතාවය පිළිබඳ උණුසුම් විවාදයක් ඇති වී තිබේ .

ශ්‍රී ලංකා ඉනිමේ 25 වැනි ඕවරයේදී තම සගයා දැවී යාමෙන් පසු පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් පන්දුවට පහර දීමට පෙර හිස්වැසුම් පටිය කැඩී ගිය අතර,අලුත් හිස්වැසුම එනතුරු බලා සිටියදී ඔරලෝසුවේ වේලාව අඩු වූ අතර ඔහු පළමු පන්දුවට මුහුණ දීමට සූදානම් වන විට මිනිත්තු දෙකකට වැඩි කාලයක් ගත වී තිබුණි.

බංගලාදේශ නායක ශකීබ් අල් හසන්, අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන් කළ ඉල්ලීමේ දී සදාචාරය පිළිබඳව ගැටළුවක් තිබෙන බව විනිසුරුවරුන් වන Marais Erasmus සහ Richard Illingworth වහාම වටහාගත් අතර, දවාලීම සඳහා කළ ඉල්ලීම ඉල්ලා අස්කර ගැනීම සලකා බලන ලෙස කල ඉල්ලීම ශකීබ් ප්‍රතික්ෂේප කළේ ක්‍රිකට් මහත්වරුන් ගේ ක්‍රීඩාවක් බව අමතක කරමින් බව විචාරකයින් පෙන්වා දෙති

බංගලාදේශ නායක ශකීබ් අල් හසන්මෙ ගේ හැසිරීම ක්‍රිකට් ලෝකය පුරා දෝෂ දර්ශනයට ලක්වෙමින් තිබේ. කල් ඉකුත් වූ මිනිත්තු දෙකේ නීතිය ක්‍රිකට් පාලක මණ්ඩලය වන ICC විසින් සමාලෝචනය කල යුතු බව බොහෝ දෙන පෙන්වා දෙති .

හුදෙක් ක්‍රීඩා නීති

ෂකීබ් පවසන්නේ තමන් හුදෙක් ක්‍රීඩා නීති අනුගමනය කල බවයි. අනෙක් අතට, මැතිව්ස් පැවසුවේ තමන් නියමිත කාලය තුළ ක්‍රීඩාපිටියට පැමිණි බවත් විනිසුරුවන් සාමාන්‍ය දැනුම භාවිතා කරමින් තීරණයක් ගත යුතුව තිබුන බවයි .

ෂකීබ් අල් හසන්-ඇන්ජලෝ මැතිව්ස් සිදුවීම නීති රීති සහ ක්‍රීඩාශීලිත්වය අතර සුසංයෝගී පැවැත්මක අවශ්‍යතාවය ඉස්මතු කරයි. නීති රීති ව්‍යුහය සපයන අතර ක්‍රීඩාශීලිත්වය ඇතිවන්නේ මනුස්සකම මතයි.

Related Articles