නුවරඑළියේ  තැපැල්  කන්තෝරු අවුල  දිග දුරට

නුවරඑළියේ තැපැල් කන්තෝරු අවුල දිග දුරට

නුවරඑළියේ සංචාරක නගර සංවර්ධනය ගැන පැවති සාකච්ඡාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැඩි ස්වරූපයකින් පැවසුවේ වහාම නගරය මැද පිහිටි තැපැල් කන්තෝරුව ඉවත් කොට එතැන හෝටලයක් ඉදි කළ යුතු බවයි. එය කලකට පසුව දකින්නට ලැබුණු හොඳ මාධ්‍ය සංදර්ශනයක් විය.

පෙර පැවති රැස්වීමකදී ගත් තීරණයක් ක්‍රියාත්මක නොවීම මතක් කළේ පිළිබඳ පොහොට්ටු මන්ත්‍රී S.B. දිසානායකය .එසැනින් රනිල් වික්‍රමසිංහට අසු හාරදාහට කේන්ති ගියේය .
නුවර එළියේ තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සංචාරක හෝටලයක් බවට පත්කිරීම සඳහා භාර දෙන ලෙස මීට පෙර තැපැල්පතිට කළ නියෝගය ක්‍රියාත්මක නොකීරීම තමන්ට කළ මදි පුංචි කමක් බව රනිල් වික්‍රමසිංහට දැනෙන්නට ඇත.

“සර් තැපැල් කාර්යාල ගොඩනැගිල්ල තාම භාර දී නැහැ.” එස් බී ගින්නට පිදුරු එකතු කළේය.

“ජනාධිපති දෙන නියෝග පිළිපදින්න බැයි නම් වෙනත් තැනකට යන්න වෙයි.” රනිල් වික්‍රමසිංහ ජනාධිපති තැපැල්පති ට කියයි.

“සර්, පිටිපස්සේ ඉඩම දෙන්නම්.” තැපැල්පති පැවසීය .

“පිටිපස්සේ ඉඩම මොකටද ? මමයි කිව්වේ. මම ජනාධිපති. හ්ම්… දැන් යන්න කලින් ඒක භාර දෙන්න.” ජනාධිපති නියෝග කරයි.

නියෝගය ක්‍රියාත්මක කිරීමට එරෙහිව සේවකයින් විරෝධතා පවත්වමින් සිටිති. තැපැල්පති තවමත් තනතුරේය.

ජන වරමක් නැති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑලිය පැමිණ රාජ්‍ය නිලධාරින් බැන තර්ජනය කිරිම තරයේ හෙලා දකින බව ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසිය.

නාමල් කරුණාරත්න කියා සිටියේ නුවරඑළිය නගර මධ්‍යයේ පිහිටි ප්‍රධාන තැපැල් කාර්යාලය දැක බලා ගැනිමට පැමිණිමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිණි.

“1894 අවුරුද්දේ තමයි එවකට රජය විසින් නිල වශයෙන් තැපැල් දෙපාර්තමේන්තුවට මේ ගොඩනැගිල්ල පවරා ගෙන තියෙන්නෙ, මේ කන්තෝරුවෙ වහලෙ තිබෙන උළු කැටවල තියෙනවා 1865 වර්ෂය “නාමල් කරුණාරත්න පැවසිය.

 

Related Articles