රොෂාන් රණසිංහ දැඩි ප්‍රහාරයකට සැරසෙයි

රොෂාන් රණසිංහ දැඩි ප්‍රහාරයකට සැරසෙයි

ක්‍රිකට් අතුරු පාලක කමිටුව ඉවත් කරගන්නා ලෙස ජනාධිපතිවරයා තමන්ට කෙළින්ම පැවසු බවත් එසේ ඉවත් නොකළහොත් ක්‍රීඩා නීතිය තමන් යටතට ගන්නා බව පැවසු විට තමන් ක්‍රීඩා ඇමති කමෙන් ඉවත් කළත් අතුරු පාලක මණ්ඩලය ඉවත් කිරීමට තමන් සුදානම් නැති බවයි පාර්ලිමේන්තුව අමතමින් ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ පැවසුවේ .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැත්තකට කොට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ක්‍රිකට් පරිපාලනය නිසි මගට ගැනීමට කටයුතු කලයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙන්වා දුන්නේය.

ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මේ වන විට සිදුවීමේ වැඩි වාසිය ලබා ගනිමින් සිටින බව පෙනෙන්නට තිබේ. පවතින තත්වය යටතේ ජනාධිපතිවරයා පත් කල ඇමති කමිටුවට කුමක් කළ හැකිද යන ප්‍රශ්නය මතුවී තිබේ. කැබිනට් සාකච්ඡාව ද උණුසුම් එකක් වූ බව පෙනෙන්ට තිබේ.

“ඊයේ දිනයේ අතුරු පාලක මණ්ඩලය පත් කිරීමෙන් පස්සේ කැබිනට් මණ්ඩලය ඇතුළෙ සිදුවෙච්චි සිදුවීම මට කියන්න බෑ. ඒක මම ආරක්ෂා කරගන්න ඕන කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීමක්.” යයි ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

Related Articles