මාර්ගගත කොමිසමේ සාමජිකයින් පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ

මාර්ගගත කොමිසමේ සාමජිකයින් පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ” පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන ලද තීන්දුව කථානායකවරයා වෙත ලැබී ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයේ සඳහන් කර ඇති සංශෝධනවලට යටත්ව, පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කිරීමට දැන් ආණ්ඩුවට කටයුතු කළහැකිය .

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන විවෘත අධිකරණයේදී සදහන් කළේ මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 50 ක් පමණ ගොනුකර ඇති බවය.

පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්තිරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පනත් කෙටුම්පතට සිදුකිරීමට යෝජිත සංශෝධන මොනවාදැයි නීතිපතිවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර නොමැති බව සඳහන් කළේය.

ඊට ප්‍රතිචාර දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න රජය විසින් සිදුකිරීමට යෝජිත සංශෝධන වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78(3) වගන්තිය උල්ලංඝනය නොවන බව අවධාරණය කළේය.

එම සංශෝධන අන්තර්ගත පිටපතක් ද අධිකරණයට භාර දුන් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා විසින් ඉන් අනතුරුව අදාළ සංශෝධන කෙරෙන ආකාරය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු පැහැදිලි කරනු ලැබීය.

යෝජිත “කොමිසම” සදහා ජනාධිපතිවරයා විසින් සාමාජිකයින් පස් දෙනෙකු පත් කිරීමට පියවර ගන්නා බව මීට පෙර පසුවත් දැන් සාමාජිකයින් පත් කිරීම සහ ඉවත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් සිදු කරනු ඇතැයි සංශෝධනයකරන බවයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේ .

ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්තිරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් නීතිපතිවරයා විසින් අධිකරණය හමුවේ ඉදිරිපත් කරනු ලැබුවේ සංශෝධන නොව නව පනත් කෙටුම්පතක් බව සඳහන් කළේය.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, සමගි ජනබලවේගයේ මහලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, එම පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය. හරිනි අමරසූරිය, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරු වන සාලිය පීරිස් හා ජෙෆ්රි අලගරත්නම්, වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර ඇතුළු පිරිසක් විසින් පෙත්සම් 50 ක් පමණ ඉදිරිපත් කර තිබේ. පෙත්සම් විභාගය තවදුරටත් පැවැත්වීමට නියමිතය.

Related Articles