අල්ලන්න කුඩු වලට මොකද වෙන්නේ ?

අල්ලන්න කුඩු වලට මොකද වෙන්නේ ?

මත්කුඩු අල්ලන නමුත් ඒ කුඩු වලට කරන්නේ කුමක්දැයි නොදන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුවේදී පැවසීය. පසු ගිය වසර හතරේ අල්ලන ලද කූඩු වලට කළේ කුමක්දැයි ඇසූ හිටපු ජනාධිපතිවරයා එම කුඩු පුච්චන්නේ නැත්තේ ඇයි දැයි ප්‍රශ්න කළේය.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසූයේ මත්කුඩු පුළුස්සන යන්ත්‍රයක් වනාතවිල්ලුවේ ස්ථාපිත කර ඇති අතර අධිකරණ ක්‍රියාමාර්ග සඳහා සාම්පල ලබාගෙන එදිනෙදා අල්ලන කුඩු එදිනෙදාම පුළුස්සා දැමීමට දැන් හැකියාව ඇති බවයි. ඒ වැඩ පිළිවෙළ පවත්වාගෙන යන බවද අමාත්‍යවරයා පැවසීය.

මීට පෙර මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් කෝටි 100ක කුඩු තොගයක් විකිණීම පිළිබඳව වාර්තා වූ අතර දැනටත් මේ විකිණිල්ල සම්ප්ර්නයෙන් ම නතර වී තිබෙන බව කිව නොහැකිය.

මාකඳුරේ මධූෂ්ගේ ළඟම ගෝලයකු වන ගිහාන් නැමැති අයකුට අයත් මේ මත්ද්‍රව්‍ය තොගය කිලෝ 100කට ආසන්න බව සඳහන් වේ. ඉන් කිලෝ 24ක් අලෙවි කර ඇති අතර ඒ කිලෝ 24 ලබාගත් මිනුවන්ගොඩ ප්‍රදේශයේ අයකු හරහා මෙය හෙළිවී ඇති බව සඳහන් වේ. එහෙත් ඉතිරියට සිදුවූ දෙයක් නැත. කෙසේ වෙතත් උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේ එම කුඩු තොගය දකුණු පළාතේ සඟවා ඇති බවට මේ වනවිට හෙළිවී ඇති බවය.

Related Articles