ක්‍රිකට් ආයතනයේ කඩුළු කඩන විවාදය පාර්ලිමේන්තුවේ

ක්‍රිකට් ආයතනයේ කඩුළු කඩන විවාදය පාර්ලිමේන්තුවේ

ක්‍රිකට් ආයතනයෙහි නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමේ විවාදය හෙට පැවැත්වීමට නියමිත අතර දැනට පවතින තත්වය අනුව ෆුල් චියර් එකක් සහිතව ඇමති රොෂාන් රණසිංහ දැඩි ප්‍රහාරයකට නිරත වීමට් ඉඩ ඇත. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු බකප් එක දීමට ඉඩ ඇති අතර වැඩේ හරියට සෙට් වුනනොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විකට් බේල්ස් සමඟ ගැලවී යාමට ඉඩ ඇත.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග ක්‍රිකට් පාලක මණ්ඩලය හොර ගුහාවක් බව පැවසු අතර මේ මොහොතේ රණතුංග පවුල ශ්‍රී ලංකා ක්‍රිකට් අවුලට ප්නන්දුව්න් මැදිහත්ව සිටී.

රණතුංග පවුල ලෝකල් ග්‍රවුන්ඩ් එක කලමනා කිරීම කරනු ඇත, තිලංග සුමතිපාලද පිටියට අවතීරණය වනු ඇත. එහෙත් මැච් එක එතැනින් අවසන් නොවනු ඇත. තරඟය ICC පිට්ටනියට මාරු වී වැඩේ ඉන්ටර් නැෂනල් වනු ඇත.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සම්බාධක පැනවිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනටමත් රතු එළියක් පත් කොට ඇත.

මේ අතරවාරයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පිරිසද නිසොල්මන්ව සිටින්නේ නැත. ඔවුන් තෝරාගත් පන්දු වලට සීරුවන් පහර දෙමින් සිටිති. නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීමට අදාළව සකසන ලද කෙටුම්පත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගැටලු නිරාකරණය සඳහා පත්කරන ලද කැබිනට් අනුකමිටුවට ඔවුන් විසින් ලබාදී තිබේ.

මේ අතර වාරයේ රොෂාන් රණසිංහ ඇමතිවරයාගේ සින්දුව ද තරමක් වෙනස් වී ඇත. කවුරුන් හෝ ජනාධිපතිතුමා විනාශ කිරීමට උත්සාහ දරමින් සිටින බවත් ඔහුව බේරා ගැනීම සඳහා ක්‍රිකට් ආයතනයේ දූෂිත හොරු රැලට ජනාධිපතිතුමාට ළංවීමට ඉඩ නොදිය යුතු බවත් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේදී (8) පැවසීය.

Related Articles