මහජන දේපළ – ඈවරයි දෑවරයි තුන් ඈවරයි

මහජන දේපළ – ඈවරයි දෑවරයි තුන් ඈවරයි

රජයේ දේපළ විකුණා දැමීම සඳහා පිහිටුවා ඇති රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය මේ වන විට කඩි ගුලක් සේ සක්‍රීය වී තිබේ. ලංකා දුම්කොළ සංස්ථාවේ සභාපති සුරේෂ් කුමාර් ෂා එහි අධ්‍යක්ෂ ජනරාල් වන අතර නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වන්නේ හිටපු අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චිය, මේ දෙදෙනාගේ මෙහයවීම යටතේ රාජ්‍ය ව්‍යවසායන් 41 ක් පරිපාලන සමාගමක් (Holding Company) යටතට පත්කිරීමට ලැයිස්තු ගත කොට ඇත.

මේ වෙනුවෙන් තර්ක කරන පිරිස් පවසන්නේ දිගින් දිගටම පාඩු ලබමින්, බැරි බැරියාවෙන් පෙළෙන සහ නිබඳ මාටියාකරණයට ලක්වෙන සමාගම් විකුණා දැමීමේ වරද කුමක්ද යන්නයි.

මීට එරෙහිව නැගෙන තර්කය වන්නේ මටියාකරණය සහ බැරි බැරියාව හුදෙක් අස්බන්දුමක් වන බවයි. මේ මුවාවෙන් වටිනා රාජ්‍ය දේපළ ගජ මිතුරන්ට ජග වාසි සමෝසමේ බෙදී යන පරිදි අඩු ලන්සු වලට ලබා දෙන බවයි.

ලිට්‍රෝ සමාගම, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලංකා රෝහල, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම මේ ඉරණමට ගොදුරු වීමට නියමිත ආයතන අතර වේ. අභිප්‍රාය කැඳවීමේ නිවේදන රැසක් මේ වන විට නිකුත් කොට ඇති අතර දිනකට දෙතුන් වතාවක් මේ පිළබදව සාකච්ඡා සිදුවේ.

මේ ගනුදෙනු හැකි ඉක්මනින් අවසන් කිරීමට සැලසුම් කොට තිබේ. මේ අතරේ නිකුත් කොට අදාළ ගණුදෙනු පිළිබඳ සාකච්ඡා ආරම්භ කොට ඇත. මේ පිළිබඳව ඇල්මැරුණු දේශපලන විරෝධයකට වැඩි යමක් සිදු නොවන බවත් වෘත්තීය සමිති නායකයින් පහසුවෙන් බිලීබා ගත හැකිය යන අනුමානය මත මෙම දේපළ වික්නීම සැලසුම් කොට ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන ඩොලර් බිලියන 2.9 ලබා ගැනීම සඳහා මේ දේපළ විකිණීම සිදු කල යුතු බවයි. මේ වෙනුවෙන් පෙනී සිටින පිරිස් පෙන්වා දෙන්නේ ආයතන 14ක් විණීමෙන් ලබා ගත හැකි ඇස්තමේන්තු ගත ආදායම ඩොලර් බිලියන 4.5 කි.

රාජ්‍ය දේපළ විකිණීමට එරෙහි පිරිස් පෙන්වා දෙන්නේ නොවටිනා මුදලක් ලබා ගැනීම සඳහා වැඩි වටිනකමකින් යුතු රාජ්‍ය දේපළ විකුණා දැමීම මුල්‍ය අපරාධයක් වන බවයි.

Related Articles