ක්‍රිකට් පිටියේ දුස්රා ගොඩයි – සුළඟ සැඩයි

ක්‍රිකට් පිටියේ දුස්රා ගොඩයි – සුළඟ සැඩයි

තේරීම් කමිටුව විසුරුවා ඒ සදහා අලුත් සාමාජිකයන් පත්කිරීමට කටයුතු කරන බව කටයුතු කරන ව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවා අතුරු පාලක මණ්ඩලයක් පත් කිරීමට ගත් තීරණය තමන් කිසිසේත්ම අවලංගු නොකරන බව ඔහු පවසන නමුත් දැන් පවතින තහනම හමුවේ ඇමතිවරයාට අඩියක් පස්සට ගැනීමට සිදු විය හැකිය.

මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ලෙජන්ඩ් තමන් යයි සිතාගෙන සිටින නාකි අයෙක් දුෂ්මන්ත චමීර, වනිඳු හසරංග ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුල් කිරීමට බාධා කළ බවයි බලපෑම හේතු වූ බව ක්‍රිකට් ආයතන සභාපති ෂම්මි සිල්වා පවසන්නේ .

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සඳහා ක්‍රීඩා ඇමතිවරයා විසින් පත් කරන ලද අතුරු කමිටුව අහෝසි කර ගන්නා තුරු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් වාරණය ක්‍රියාත්මක වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන නමුත් මේ පිළිබඳව නිල නිවේදනයක් තාමත් නිකුත් වී නැත.

මේ අතර වාරයේදී පාර්ලිමේන්තුව අමතමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයා පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ බල කනුවක් වන ආරිය රැකව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් පෙනී සිටි ඔහුගේ පුතාට අපහසත්මකව කථා කිරීම් වැරදි බවයි . රැකව ගේ පුතා සහ ක්‍රිකට් සම්බන්ධව තහනම් නියෝගයක් ලබා දුන් විනිසුරුවරයෙක් අතර නෑදෑ සබඳ කමක් තිබෙන බව විපක්ෂය පෙන්වා දුන්නේය .රැකවලා හොඳ මිනිස්ස්සු බවත් එවැනි මිනිනිසුන් නරක වැඩ නොකරන බවයි රනිල් වික්‍රමසිංහ කියා සිටියේ .

පාර්ලිමේන්තුව වාර්තා කරන මාධ්‍යවේදියෙක් පැවසුවේ ‘හොඳද නරකද කියන එක නෙවේ ප්‍රශ්නය ,ළබැඳියාවන් අතර ගැටුමක් තිබුනද කියන එකයි ප්‍රශ්නේ ‘යන්නයි.

Related Articles