ක්‍රිකට් පෙත්සමෙන් තුන්වෙනි විනිසුරුවරයාත් අයින්

ක්‍රිකට් පෙත්සමෙන් තුන්වෙනි විනිසුරුවරයාත් අයින්

ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහිව ගොනුකළ පෙත්සම සලකා බැලීම සඳහා පත්කළ විනිසුරු මඩුල්ලෙන් විනිසුරු නීල් ඉද්දවෙල පෙත්සම් විභාගයෙන් ඉවත් වී ඇත. මේ අනුව සෝභිත රාජකරුණා සහ ඩී එන් සමරකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත නව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීමට නියම කරන බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න නියෝග කොට ඇත.

මෙම නඩු විභාගයෙන් මේ වන විට විනිසුරුවරු තුන් දෙනෙකු ඉවත් වී තිබේ. අතුරු කමිටුවේ කටයුතු වළක්වමින් පනවා තිබූ වාරණ නියෝගය දීර්ඝ නොකිරීමට අභියාචනාධිකරණය තීන්දු කොට ඇත .

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු පාලක කමිටුවක් පත් කරමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ලබන සදුදා තෙක් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට ක්‍රීඩා අමාත්‍යවරයා ලබා දුන් ප්‍රතිඥාවට අනුව අතුරු තහනම් නියෝගය ඉවත් කොට ඇත.

Related Articles