රනිල් නන්දා වෙතට යයි

රනිල් නන්දා වෙතට යයි

ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී  2019 වසරේ තිරගත වූ චිත්‍රපට 30ක් සහ 2020 වසරේ ප්‍රදර්ශිත චිත්‍රපට 12ක් සඳහා ලෙස චිත්‍රපට 42කට , රංගන හා කාර්මික ශිල්පීන් වෙනුවෙන් සම්මාන 44ක් සහ සාම්ප්‍රදායිකව පිරිනැමෙන විශේෂ සම්මාන 9ක් මෙහිදී පිරිනැමිණි.

පිරිනැමුණු ප්‍රධාන සම්මාන මෙසේය.

2019 වසරේ හොඳ ම නළුවා – කමල් අද්දරආරච්චි (ගින්නෙන් උපන් සීතල)
2020 වසරේ හොඳ ම නළුවා – කුමාර තිරිමාදුර (ද නිව්ස්පේපර්)
2019 වසරේ හොඳ ම නිළිය – සමාධි ලක්සිරි (දැකල පුරුදු කෙනෙක්)
2020 වසරේ හොඳ ම නිළිය – නීටා ප්‍රනාන්දු (පාංශු)
2019 වසරේ හොඳ ම අධ්‍යක්ෂණය – අනුරුද්ධ ජයසිංහ (ගින්නෙන් උපන් සීතල)
2020 වසරේ හොඳ ම අධ්‍යක්ෂණය – විසාකේස චන්ද්‍රසේකරම් (පාංශු)
2019 වසරේ හොඳ ම චිත්‍රපටය – ගින්නෙන් උපන් සීතල
2020 වසරේ හොඳ ම චිත්‍රපටය – The newspaper

මෙහිදී, 2020 වසරේ හොඳ ම චිත්‍රපට පසුබිම් ගායනය වෙනුවෙන් ආචාර්ය නන්දා මාලිනීට හිමි වූ සම්මානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇය අසුන්ගෙන සිටි ස්ථානයට ම ගොස් පිරිනැමීම සුවිශේෂී සිදුවීමක් විය. සමන් අතාවුදහෙට්ටි පවසා තිබුණේ සම්මාන දීමේදී තමන් විසින් ක්ෂණිකව යෝජනා කරන ලද ඇරයුමකට ජනාධිපතිවරයා එකඟ වූ හෙයින් එලෙස එම සම්මානය පිරිනැමූ බවයි.

Related Articles