සජිත්ගෙන් කතානායකට ලොසින්ජර

සජිත්ගෙන් කතානායකට ලොසින්ජර

කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරී පිරිස සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙන අවස්ථාවේ දී හස්ත මුද්‍රා මාර්ගයෙන් ඔවුන්ට නිහඬ වෙන්නයි කීම පිළිබඳව කරුණු දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට කතානායක වරයා කියන දේ හරිහැටි ඇසුණේ නැත.

සජිත් ප්‍රේමදාස ඒ සමඟම කතානායකවරයාගේ උගුර බැරැන්ඩි වී ඇති හෙයින් ඔවුන්ට ලොසිංජරයක් ලබාදීමට පාර්ලිමේන්තු මහලේකම්වරිය කටයුතු කරන්නේ නම් හොඳ බව පැවසීය. ඒත් සැබැවින්ම කතානායකවරයා හොඳින් සීනි තැවරූ ලොසින්ජරයක් පාර්ලිමේන්තුවට ලබා දුන්නේය.

කෝප් සභාපතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව තමන්ට විමර්ශනය කිරීමට අවශ්‍ය බවයි කතානායක වරයා පැවසුවේ. කෝප් සභාපති රංජිත් බණ්ඩාර ඔහුගේ පුත්‍රයා වන කණිෂ්ක බණ්ඩාර සභාවට එක් වීම සම්බන්ධයෙන් පැවසූයේ තමන් ගේ පුත්‍රයා මාධ්‍ය ලේකම් වරයා හෙයින් සභාවට පැමිණි බවය .

තමන්ටත් තමන්ගේ මාධ්‍ය ලේකම්වරයා සමග පාර්ලිමේන්තු කාරක සභාවට සහභාගි විය හැකිදැයි sajith premadasa විපක්ෂ නායකවරයා පෙරළා ප්‍රශ්න කළේය. කතානායකවරයා විමර්ශනයක් පැවැත්විය යුතුව පැවසූ නමුත් ඒ කරන කාල වකවානු හෝ ඒ සඳහා ගන්නා ක්‍රියාමාර්ග පැහැදිලි කළේ නැත.

ඉතා බරපතළ ගැටලුවක් වන සභාපති වරයාගේ ලැබඳියාවන් පිළිබඳව වූ ගැටුම පිලිබඳ ගැටුම හෙළිදරව් කරමින් සජිත් ප්‍රේමදාස රංජිත් බණ්ඩාර හිමිකම් කියන ආයතනයක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් මුදල් ලබාගත් අන්දම හෙළිදරව් කරන ගිවිසුමක් සභාගත කළේය. සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරු කියා සිටියේ වහාම කතානායකවරයා විසින් තීන්දුවක් ලබා දිය යුතු බවයි. කතානායකවරයාගෙන් ඇල් මැරුන ප්‍රතිචාරයක් ලැබුන හෙයින් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි මාර්ගයක් දැඩි ක්‍රියාමාර්ගයක් ගත යුතු බව සමගි ජනබලවේගය මන්ත්‍රීවරු කියා සිටියහ.

මේ වන විට රංජිත් බණ්ඩාර ගේ ක්‍රියා කලාපය මෙන්ම ඔහුගේ පෙර ක්‍රියා පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ උණුසුම් කතාබහක් ඇති වී තිබේ. රංජිත් බණ්ඩාර කෝප් සභාපති ධූරයෙන් අයින් කළ යුතු බවයි සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගය පවසන අතර මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය තවමත් ප්‍රකාශයට පත්වී නැත කෝප් කමිටු සැසියට ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේග අනුර කුමාර දිසානායක ද සහභාගි විය.

Related Articles