ශම්මි ක්‍රිකට් කවුන්සිලයට යැවු  ලිපිය සජිත් අතට ගිය හැටි

ශම්මි ක්‍රිකට් කවුන්සිලයට යැවු ලිපිය සජිත් අතට ගිය හැටි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කටයුතුවලට ක්‍රීඩා අමාත්‍යාංශය අනවශ්‍ය මැදිහත්වීම් කළ බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට යවා ඇති ලිපිය විපක්ෂ නායකයා අතට පත් වූ බව ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා දැන ගත්තේ  එය ඉදිරිපත් කිරීමට පැය කීපයකට පෙරය .

මේ ලිපිය පදනම් කරගනිමින් ඉදිරිපත් කල හැකි චෝදනා බරපතල බව දන්නා ෂම්මි සිල්වා වහාම මේ ලිපිය සජිත් ප්‍රේමදාස අතට පත් වූ ආකාරය හොයන්නට විය. ඔහු සමීපයේ සිටින කෙනෙක් මේ ලිපිය පිටමන් කිරීමට මුල් ඇති බව ඔහුගේ කලමණාකරවරයෙක් කල චෝදනාව පහසුවෙන් බැහැර කල නොහකිවූ අතර මේ වන විටත් ආයතනයේ ලිපි හුවමාරු කරන ආකාරය වෙනස් කොට ඇත.

බරපතල චෝදනා පහක් ඇතුළත් නිවේදනය 2023 අගෝස්තු 28 වැනි දින ICC සභාපති ග්‍රෙග් බාර්ක්ලේ වෙත යවා ඇති බව විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළ අතර ඔහු එම ලිපිය පාර්ලිමේන්තුවේ සභාගත කළේය.

ක්‍රීඩා අධ්‍යක්‍ෂවරයා මෙරට ක්‍රිකට් තරගාවලිවලට අනිසි බලපෑම් කළ බවට ක්‍රීඩා අමාත්‍යාංශයට චෝදනා එල්ල කර ඇති බවත්, ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට වැටුප් ඉල්ලා සිටි බවත්, ක්‍රීඩා ඇමැතිවරයා බලපෑම් කළ බවත් ලිපියේ ඇතුලත්ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා බලපෑම් කළ බවත්, විගණන වාර්තාවේ කෙටුම්පත කාන්දු වී ඇති බව මේ ලිපියේ සඳහන් බව , ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අරමුදල්වලින් සියයට 20ක් ජාතික ක්‍රීඩා අරමුදලට ලබාදීමට ක්‍රීඩා ඇමැතිවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බලපෑම් කළ බව පිටස්තර ආයතනයකට දැන්වීම යුක්ති සහගතද යන්න විපක්ෂ නායකයා ප්‍රශ්න කළේය. මේ ලිපිය පිළිබඳව හොයා බැලීම සඳහා පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කිරීමට ඉඩ ඇත.

ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා දිගින් දිගටම පැවසුවේ තමන් ක්‍රිකට් තහනමට සම්බන්ධ නැති බවයි.

Related Articles