කාලයේ වැලි තලාවට යටවුනු ගීතයක්

කාලයේ වැලි තලාවට යටවුනු ගීතයක්

වැස්සකට ඉඩ ඇතත් . . අහස්කුස දස අතම . .
හිරුට එපමන කුමට . . පුංචි පෙදෙසක් ඇතිය . .
සිනාසී සිනාසී දෙතොල් ඉරි තැලෙද්දී . .

හඬන්නට මිසක වෙන කුමකටද නෙතු අපට . . .
පුංචි කුහුඹුවන්ටත් තියේ උන් හෙවනැල්ල . .
බිඳීගිය මුත් බඳුන් අතින් දිය බොනු හැකිය. . .
ඔබට මා . . මටද ඔබ හමුවුනෝතින් . .

සිනාසෙමු අතීතෙට යම් දිනෙක අපි දෙදෙන . . .
සයුර ගොඩ එන තුරා කඳු මුඳුන් ඇත උසට . .
ගලන ගඟ නැවැත්වූ තැනින් ගම යට නොවෙද . . .
ඔබට මා . . මටද ඔබ හමුවුනෝතින් . .

සිනාසෙමු අතීතෙට යම් දිනෙක අපි දෙදෙන . . .
ඔබට මා . . මටද ඔබ හමුවුනෝතින් . .
සිනාසෙමු අතීතෙට යම් දිනෙක අපි දෙදෙන . .

පද: ප්‍රේමකීර්ති ද අල්විස්
තනු: එච්.එම්.ජයවර්ධන
හඬ: නන්දා මාලිනී

Related Articles