රනිල්ට තාම  ෂුවර් නැහැ

රනිල්ට තාම ෂුවර් නැහැ

අයවැය පිළිබඳව පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීළඟ වතාවේ ජනාධිපත් තනතුර සඳහා තරග කරන්නේ දැයි විමසූ විට ඔහු මෙම ප්‍රශ්නය නැගු මාධ්‍යවේදීනිය පෙරළා ප්‍රශ්නයක් ඇසීය. මාධ්‍යවේදිනිය අන්දුන් කුන්දුන් වුවාය. ඔබ හිතන විදියට මා කුමක් කළ යුතුද යයි රනිල් වික්‍රමසිංහ ඇසුවේය.

මාධ්‍යවේදීනිය මොහොතකට පසුව කියා සිටියේ තමන් පිළිතුරක් දුනහොත් තමන්ට මහජන විරෝධයක් ඇතිවිය බව පැවසුවාය. යලිත් මුල් ප්‍රශ්නය මාධ්‍යවේදිනියගෙන් විමසු විට ඇයපැවසුවේ – WHY NOT- යන්නයි. පරිවර්තනය කළහොත් එහි අරුත තරඟ කරන එකේ වරදක් නැහැ වැනි එකකි.

ඉන් අනතුරුව රනිල් වික්‍රමසිංහ කියා සිටියේ තමන් පැමිණියේ ආර්ථික බංකොලොත්භාවය හමාර කිරීමට බවත් එම කටයුත්ත කිරීමෙන් අනතුරුව මීළඟට කරන්නේ කුමක් දැයි කල්පනා කළ හැකි බවයි. ආර්ථිකය ගොඩ ගැනීමේ අසීරු කටයුත්ත බොහෝදුරට හමාර බවයි රනිල් වික්‍රමසිංහ පැවසුවේ, එක්සත් ජාතික පක්ෂය පිළිබඳ ඇසූ ප්‍රශ්නයට පිළිතුර වුණේ එක්සත් ජාතික පක්ෂය ලබන මැතිවරණයේදී ශක්තිමත් පක්ෂයක් ලෙස තරඟ කිරීමට සූදානම් වෙමින් සිටින බවයි.

Related Articles