චීන ජනාධිපති නියෝජිතවරිය එන්නේ මොකටද ?

චීන ජනාධිපති නියෝජිතවරිය එන්නේ මොකටද ?

චීන ජනාධිපති ෂී ජින්පින් මහතාගේ විශේෂ නියෝජිතවරියක් වන ෂින් යී චින් මහත්මිය ලබන 18 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතව ඇත. චීන විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ ඇය 21 වැනිදා දක්වා මෙරට රැඳී සිටින බවයි.

ෂින් යී චින් මහත්මිය සමඟ සාකච්ඡා කිරීමට යෝජිත ව්‍යාපාරිකයින් සහ ප්‍රභූන්ගේ ලැයිස්තුවක් මේ විට චීන තනාපති කාර්යාලය මගින් සම්පාදනය වෙමින් පවතී. විශේෂ නියෝජිතවරිය ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ඇමරිකානු සහ ඉන්දියානු ආයෝජන ප්‍රකාශයට පත්ව තිබෙන අවස්ථාවක් තුළදීය. තමන්ට හිතකර වාතාවරණයක් ඉන්දියානු සාගරය තුලත් ශ්‍රී ලංකාව තුලත් ගොඩනගා ගැනීම චීනයේ කාලීන අපේක්ෂාවයි .

චීනය සාමාන්‍යයෙන් රටේ අභ්‍යන්තර දේශපාලනයට කෙළින් ඇත පොවන්නේ නැත ඒ වනුවට කරන්නේ හයිය අතු අල්ලාගෙන ඒ හරහා තම අපේක්ෂා මුදුන්පත් කරවා ගැනීමයි. පසුගිය කාලයේ ආර්ථික වශයෙන් එතරම් එලදයක නොවන කොන්ත්‍රාත් සඳහා චීන අරමුදල් මුදාහැරුනේ ඒ අනුවය.

Related Articles