රංජිත් බණ්ඩාර ඇඟිල්ල කටේ දාගනී

රංජිත් බණ්ඩාර ඇඟිල්ල කටේ දාගනී

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ( කෝප් ) සභාපති රංජිත් බණ්ඩාර මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුවේ සභාපති ශම්මි සිල්වා ඇතුළු පිරිසෙන් කමිටු සාමාජිකයින් ප්‍රශ්න කිරීම් කාරන විට කිහිප අවස්ථාවකදී කටට ඇඟිල්ල තබා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට විවිධ රහසිගත සංඥා දෙමින් කටයුතු කළ ආකාරය දැඩි දෝෂ දර්ශනයට ලක්වෙමින් පවතී .

රන්ජිත් බණ්ඩාර උත්තර නොදෙන්නැයි නිලධාරීන්ට ඉඟි කිරීම බරපතළ සැකයට තුඩුදෙන කාරණයක් බව පවසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඊට දැඩි ලෙස විරෝධය පළ කළහ. කමිටුව හමුවට කැදවූ ‌රැස්වීමේදී තමන් විසින් හස්ත සංඥා භාවිත කරමින් මන්ත්‍රීවරුන්ගේ කට වැසූ බවට එල්ල වන චෝදනාවලට පිළිතුරු දෙමින් බණ්ඩාර මහතා මේ බව කීය.

තමන් මධුර විතානගේ මන්ත්‍රීවරයාට නිහඬ වනලෙස කී බවයි බණ්ඩාර මහතා කියා සිටියේ. ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ පැවසුවේ වහාම විපක්ෂ මන්ත්‍රීවරයෙක් කෝප් සභාපති ලෙස පත් කලයුතු බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතින කෝප් සභාපති වරයාගේ මෙම ක්‍රියාකලාපය ඇතුළත් වීඩියෝ පටය ගැන සමාජයේ බරපතළ සාකච්ඡාවක් මතු වී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස තමා කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවද විපක්ෂනායකවරයා සඳහන් කළේය. මීට පෙරත් රන්ජිත් බණ්ඩාර ගේ ප්‍රකාශ සහ හැසිරීම් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් විරෝධතා මතුවී තිබේ .

කමිටුව හමුවට කැදවූ ‌රැස්වීමේදී තමන් විසින් හස්ත සංඥා භාවිත කරමින් මධුර විතානගේ මන්ත්‍රීවරයාට බව කී බණ්ඩාර මහතා එකවර එක් අයකුට කතා කිරීමට අවස්ථාව සලසා දිය යුතු වීම නිසා එසේ කළ බවද කියා සිටියේය.

දැඩි බැසිල්වාදියකු වන රන්ජිත් බණ්ඩාර සිය FB පිටුවේ සටහනක් තබමින් බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකාවට පැමිණීම ගැන කියා සිටියේ ”එදා දියසෙන් කුමාරයා එනකල් බලාගෙන හිටියා. අද ඔහු එනතූරු රටම බලා සිටිනවා!!!!” යනුවෙනි .

පසුගියදා විදුලි බිල වැඩිවීම පිළිබඳව ඔහු පැවසුවේ ලයිට් බිල් වැඩි නම් ලයිට් නොදා ඉන්න යනුවෙනි. රිනාත්මක ප්‍රචාරණය තුලින් තම දේශපාලන භූමිකාව සනිටුහන් කර ගැනීම දේශපාලනඥයින්ගේ කුප්‍රක උට උපක්‍රමයකි.

Related Articles