මුහුණු පොතේ සටහන් තැබූ රම්සි රාසික් නිදොස්

මුහුණු පොතේ සටහන් තැබූ රම්සි රාසික් නිදොස්

මුස්ලිම් ජාතික සමාජ මාධ්‍ය ක්‍රියාකාරික රම්සි රාසික් හෙවත් මොහොමඩ් රාසික් මොහොමඩ් රම්සි අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම තුලින් මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව තීරණය කොට ඇත. රම්සි රාසික්ට වන්දි වශයෙන් මෙම අයැදුම්පත්‍රය විභාග කිරීම සඳහා ඔහු දැරූ වියදමත් සමඟින් රුපියල් දශලක්ෂ හැට දහසක් ගෙවන ලෙසත්, ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

රට තුළ කොවිඩ් වසංගතය ව්‍යාප්ත වෙමින් පවතින සමයේ මුස්ලිම්වරුන්ට සිදු වූ අපහාසය සහ නොසැළකිලි හමුවේ ශ්‍රී ලංකා මුස්ලිම් ජනතාවට මතවාදී අරගලයක් දියත් කරන ලෙස ඔහු ෆේස්බුක් සටහනක් තැබුවේය. ඇප ලබානොදී ඔහු මාස 5ක් සහ සතියක් වැඩි කාලයක් රඳවාගෙන සිටියේය. අවසානයේ දී ඔහු ඇප ලබා ගත්තේ මහාධිකරනයෙනි.

අත්අඩංඟුවට ගැනීමෙන් තෙවසරකට පසු සැප්තැම්බර් 21 වැනි දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රම්සි රසීක් ICCPR යටතේ පවරා ඇති නඩුවකින් නිදහස් කරන ලද්දේ ඔහුට විරුද්ධ චෝදනා සනාථ කර නොමැති බව දක්වමිනි. චෝදනා ඔප්පු වලට කිරීමට පොලීසිය සතුවප්‍රමාණවත් සාක්ෂි නොවීය .

පොලිස් නිලධාරීන් ස්වාධීනව, අපක්ෂපාතීව සහ මධ්‍යස්ථව තම රාජකාරිය කිරීමටත්, නීතියට අනුව ක්‍රියා කිරීමටත්, ඔවුන්ගේම ආවේනික අභිමත අධිකාරිය නීත්‍යානුකූලව ක්‍රියාත්මක කිරීමටත් නිදහස තිබිය යුතු බවත් උසාවිය පෙන්වා දුන්නේය.

Related Articles