රොෂාන් රණසිංහගේ ඉනිම සාර්ථකද ?

රොෂාන් රණසිංහගේ ඉනිම සාර්ථකද ?

රොෂාන් රණසිංහ යනු සෑම විටම වාග් ප්‍රහාර සහ ගැටුමෙන් තම පැවැත්ම තහවුරු කරගත් දේශපාලනඥයෙකි. දැන් දියවන්නාවේ මහා තරගයෙන් පසු ඔහුගේ ලකුණු පුවරුව දෙස බැලීමට කාලයයි. ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ දැනට දරන අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට හෝ ඉවත් කිරීමට ඉඩ ඇති බවටත් මත පළවෙමින් තිබේ.

අමාත්‍යවරයා මේ වන විටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ පාර්ලිමේන්තුවේ පිහිටි කාර්යාලයේදී සාකච්ඡාවක් පවත්වා ඇති බවද වාර්තා විය. මීළඟ මැතිවරණයේදී ආසනය රැක ගැනීම පහසු නොවන බව ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හොඳින් දන්නා හෙයින් පැති මාරුව වාසිදායක වීමට ඉඩ ඇත .

මෛත්‍රීපාල සිරිසේන මහතාට අභියෝග

රොෂාන් රණසිංහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අභියෝග කිරීමත් සමඟ සිරස්තල මැව්වේය. දෙදෙනාම පොළොන්නරුවේ මන්ත්‍රීවරුය .මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරයට පත් වූ වහාම රොෂාන් රණසිංහ මෛත්‍රීපාල සමඟ නොබියව හැප්පුනේය. සර්ව බලධාරී සිරිසේන සහ පොලීසිය ඔහුගේ පැමිණිල්ල නොසලකා හරින විට සිරිසේන සහ ඔහුගේ සොහොයුරු ඩඩ්ලි සිරිසේන තමන්ට හිරිහැර කරන බව කියමින් රණසිංහ පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළේය.

2010 දී රොෂාන් රණසිංහ ඡන්ද 56,223 ක් ලබා ගත් අතර එය තරමක් ජයග්‍රහණයක් වන අතර මෛත්‍රීපාල ලබා ගත්තේ 90,118 කි. ඊළඟ වතාවේ රොෂාන් රණසිංහ සිරිසේනට එරෙහිව කටුක සටනක් කරමින් පරතරය අඩු කරගත්තේය . හිටපු ජනාධිපති මෛත්‍රීපාල ඡන්ද 111,137ක් ලබාගත් අතර රොෂාන් රණසිංහ ඡන්ද 90,615ක් ලබා ගත්තේය. පරතරය ඡන්ද 20,522 දක්වා අඩු වී තිබුණි. රොෂාන් රණසිංහට කාබනික පොහොර පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයකුගෙන් සෑහීමකට පත්වීමට සිදුවූයේ රසායනික පොහොර ආනයනය තහනම් කර කාබනික පොහොර නිෂ්පාදනය අසාර්ථක වූ යුගයක ය. කෙසේ වෙතත්, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ හා සසඳන විට ඔහු මාධ්‍යවලින් බේරුණේ බොහෝ දුරට කට වසාගෙන සිටීම නිසාය .

රණසිංහ අමාත්‍යවරයා මීට පෙර ප්‍රකාශ කළේ තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවූ අවස්ථාවේදී අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට ඉදිරිපත් වූ බවයි.

රනිල් වික්‍රමසිංහට සහය පළකරමින්

2022 අපේ‍්‍රල් 02 වැනිදා අරගලයට පෙර ඔහු සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් උපායමාර්ගික පියවරක් ගත්තේ කාබනික පොහොර භාවිතය නිසා වගා හානි වූ ගොවීන්ට වන්දි ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිමිනි. රොෂාන් රණසිංහ මහතා රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීමේ පෙරමුණේ සිටි අතර ඔහුට ක්‍රීඩා අමාත්‍ය ධූරයක් ද පිරිනමන ලදී.

කෙසේ වෙතත්, ක්‍රීඩා අමාත්‍යාංශයේ කටයුතුවලට ඇඟිලි ගසමින් රනිල් වික්‍රමසිංහ රොෂාන් රණසිංහ වැරදි පැත්තට දමා ගත්යතේය. මේ ඇඟිලි ගැසීම රොෂාන් රණසිංහට හිරිහැරයක් වූ නමුත් ඔහු ඉවසීමෙන් කටයුතු කළේය.

නිදැල්ලේ යන පන්දු

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රශ්නය පිළිබඳව සාමාන්‍ය ජනතාවගෙන් වැඩි දෙනෙක් තමාට පක්ෂව සිටි නිසා එය වෙඩි මුරයක් පත්තු කිරීමට හොඳ වේලාවක් බව රොෂාන්ට දැනුනි. තම නායකත්ව කෞශල්‍යය ප්‍රදර්ශනය කිරීමට වටපිට බලමින් සිටි සජිත් ප්‍රේමදාසගේ සහය ඇතිව මනාව සැලසුම් කළ උපාමාරුවලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් තමන් වටා රොක් කරගැනීමට රොෂාන්ට හැකි විය. ඔහුගේ “කරුණු” ඉදිරිපත් කිරීම ඉතා ක්‍රමනුකකුල වූ අතර, ඔහු පරෙස්සමින් නිදැල්ලේ යන පන්දු වලට පහර දීමෙන් වැලකී සිටියේය . හරස් කථා වලට මදි වීමෙන් වයිඩ් බෝල හෝ අවධානය වෙනතකට යොමු කිරීමෙන් වැළකී සිටියේය .

විකාර රූපී රංගනයක්

මේ සියල්ල විකාර රූපී රංගනයක් බව බොහෝ දෙනාට අමතක විය. සරල වහරින් කියතහොත් පට්ට දුෂිතයින් රැසක් තවත් දුෂිතයින් සමුහකකට ‘උඹලා දුෂිතයි යකෝ ‘ කියන බව නොදැනෙන්නට රොෂාන් සාර්ථක පිති හරඹයක නිරත විය.

රොෂාන් රණසිංහ තම මීළඟ උපායමාර්ගික පියවර කරා පිය නැගීම ගැනීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් වන අතර එය සමහර විට විපක්ෂයට සේන්දු වීම විය හැකිය.

Related Articles