ජාතික පාසැල් : එනවා නම් එන්න මගින් රිංගලා

ජාතික පාසැල් : එනවා නම් එන්න මගින් රිංගලා

පළමුවෙනි ශ්‍රේණියට ළමයෙකු ඇතුල් කර ගැනීමට නොහැකි වුවහොත් හොඳම උපක්‍රමය වන්නේ අතරමැදි ශ්‍රේනියකින් දරුවා පාසැලට ඇතුලත් කර ගැනීමයි ,මෙහිදී ප්‍රධාන තීරකයා වන්නේ අදාළ පාසලේ විදුහල්පති වරයාය .

ජාතික විගණන කාර්යාලය පවසන අන්දමට 2020 ජනවාරි 01 සිට 2022 මැයි 31 කාලයේ දී සිසුන් 2237 දෙනකු ජාතික පාසල්වලට ඇතුලත් කරගෙන ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉතා කර්යක්ෂම ලෙස රාජකාරි කරමින් සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා ලිපි 3,308ක් නිකුත් කර තිබුණි. මේ ලිපි වලින් 2367ක් එනම් සියයට 72ක ප්‍රමාණයක් රජයේ ඇමැතිවරුන්, මහජන නියෝජිතයින්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය ආදී විවිධ තැනැත්තන් වෙතින් ලද ඉල්ලීම් මත සිදු කොට තිබින.

මේ ක්‍රියා කලාපය හේතුවෙන් ලොකු අතු ඇල්ලීමට අසමත් දෙමව්පියන්ට තම දරුවන් සමඟ පල්ලම් බැසීමට සිදුව තිබේ.

Related Articles