විරෝධයේ  සන්නාමය – හිරුණිකා  අත් අඩංගුවේ…….

විරෝධයේ සන්නාමය – හිරුණිකා අත් අඩංගුවේ…….

හිරුනිකා දැන් යළිත් අත් අඩංගුවේය. කාන්තා අයිතීන් වෙනුවෙන් පැවැති විරෝධතාවක් අතර තුර කාන්තාවක අත්අඩංගුවට ගත්තේ යැයි පවසමින් කුරුඳවත්ත පොලිසිය ඉදිරිපිට විරෝධතාවක නිතර වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 15 දෙනකු අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට ගත් පිරිස අතර කන්තාවන් 14 දෙනකු සිටින බව ද පොලිසිය සඳහන් කරයි. හිරුණිකා ගේ දේශපාලනය මුල පටන්ම විරෝධය මත පදනම් විය.

පියා කොලොන්නාවේ දේශපාලන බලය සඳහා අරගල කරන විට ඇය ඒ පිටුපසින් සිටියාය. පියා මරා දැමු පසු දිගින් දිගට විරෝධය පල කරමින් දුමින්ද සිල්වාට මරණීය දණ්ඩනය නියම වනතුරු විරෝධය පල කළාය. ජනාධිපති සමාව ලැබූ දුමින්ද යලිත් සිරගත කරනතුරු විරෝධය පල කළාය.

සිය කාන්තා සමුහය සමඟින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවස වෙත ගොස් පලකළ විරෝධය අරගලය දක්වා විශාලනය විය. ආණ්ඩු විරෝධය දිගටම පවත්වා ගෙන යෑම සඳහා විරෝධය අවශ්‍ය බව ඇය දන්නීය ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වන්නීය.

මේ විරෝධය හේතුවෙන් . විරෝධය යනු ජයග්‍රහණය යන සංකල්පය වෙත ඇය තල්ලුවී සිටී. සටනකින් වහාම ජය නොලැබූනද විරෝධය තුලින් කරන කැළබීම සාපේක්ෂ ජයග්‍රහනයක් ගෙන දෙන බව ඇය දන්නීය.

හිරුණිකා ප්‍රේමචන්ද්‍රට ඇයගේ පා ර් ලි මේන්තු අසුන රැක ගැනීමට බැරිවිය, ඇයට ජන පදනමක් නැත එහෙත් ඇය අධිෂ්ථානශීලිය, නිර් භීතය. අධිෂ්ථානශීලිවීම සහ, නිර් භීත වීම තුළ යා හැකි දුරක් තිබුනද පදනමක් ඇති දේශපාලනය සඳහා දැක්මක් අවශ්‍ය වේ. ඒ දැක්මේ අඩුව හිරුණිකා ගේ විරෝධතා දේශපාලනය තුල මැනවින් දක්නට ලැබේ.

Related Articles