රනිල්ගෙන් කොතලාවල  සරසවියයට තරුවක්…

රනිල්ගෙන් කොතලාවල සරසවියයට තරුවක්…

ශ්‍රීමත් ‍ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානයට එක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේ දිවයිනේ සෙසු විශ්වවිද්‍යාල වලට වඩා ජනප්‍රිය බවයි.

සාමාන්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත්වීමට වඩා ශ්‍රීමත් ‍ජොන් කොතලාවල විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමට බොහෝ දෙනා කැමැත්තක් දක්වන බව ඔහු කියා සිටියේය.

සමාජීය විෂයන් සඳහා වන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ තවත් මණ්ඩපයක් කුරුණෑගල ආරම්භ කිරීමට තමා මුදල් අමාත්‍යාංශයට සහ ආරක්ෂක ලේකම්වරයා වෙත උපදෙස් දුන් බව වැඩිදුරටත් පැවසීය.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ පාලනය වන විශ්වවිද්‍යාලයකි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පසුගිය අවුරුදු 40 ක කාලය තුළ සිවිල් උපාධිධාරීන් 1000 ක් ඇතුළුව උපාධිධාරී 5000 කට වැඩි පිරිසක් ද බිහිකර ඇති අතර මෙම විශ්ව විද්‍යාලය හේතුවෙන් අධ්‍යාපනය මිලිටරිකරණය වන බව ඇතැමුන් තර් ක කරන අතර තවත් පිරිසක් පවසන්නේ මිලිටරිය සතු ක්‍රමානුකූල බව අධ්‍යාපනය තුලට ගෙන ඒමට ශ්‍රීමත් ‍ජොන් කොතලාවල විශ්වවිද්‍යාලයය දායක වී ඇති බවයි.

Related Articles