ගෝඨාභයට කොයින්ද  මිලියන දහඅටක් ?

ගෝඨාභයට කොයින්ද මිලියන දහඅටක් ?

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නිදන කාමරයේ දමාගොස් තිබුන මිලියන දහ අට තමන්ට ලැබුනේ කෙසේදැයි පැහැදිලි කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිදුවෙනු අත.

ජනාධිපති මන්දිරයෙන් සොයා ගත් රුපියල් මිලියන 18ක ක මුදල පිළිබඳව ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ පොලිසියට නියෝග කොට ඇත.

මේ අතර අරගලකරුවන් වෙනුවෙන් දිගටම පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ සැකරුවෙක් ලෙස නම් කොට ඇත. කොටුව ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුලු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ 59 වෙනි සැකකරුවා වන්නේ නුවන් බෝපගේය.

Related Articles