ක්‍රිකට් ලෝක කුසලාන ජය  කාටද ?

ක්‍රිකට් ලෝක කුසලාන ජය කාටද ?

20/20 ලෝක කුසලානය තමන් සතුකර ගැනීම සඳහා එංගලන්තය හා පකිස්ථානය ලබන ඉරිදා අවසන් සටනට එළඹෙනු ඇත.

එංගලන්ත ආරම්භක පිතිකරුවන් වන ඇලෙක්ස් හේල්ස් සහ ජොස් බට්ලර් ගේ සුපිරි ප්‍රහාරයක් බලාපොරොත්තු වන බවයි බොහෝ බ්‍රිතාන්‍ය ක්‍රීඩා ලෝලීන් පවසන්නේ.

ඇලෙක්ස් හේල්ස්ගේ මෙම තරඟාවලියේ එංගලන්තයේ හොඳම ක්‍රීඩකයා වී සිටින අතර ඉන්දියාව සඟ පැවති තරඟයේදී කිසිම පන්දු යවන්නෙකුට ඔහුව මෙල්ල කරගත නොහැකි විය.

ෂහීන් ෂා අෆ්රිඩිගේ වේග පන්දු යැවීමේ හැකියාව පිළිබඳව පාකිස්තාන ක්‍රීඩා ලෝලීන්ට ඇත්තේ දැඩි විශ්වාසයකි.

මෙම තරඟාවලියේ ජයග්‍රහණය එංගලන්තය සතුවෙන බවයි අනාවැකිකරුවන් වැඩිදෙනා පවසන්නේ.

Related Articles