වසන්ත  මුදලිගේ  රැඳවුම ගැන  ෆොන්සේකා  ගෙන් සැර  ප්‍රකාශයක්……

වසන්ත මුදලිගේ රැඳවුම ගැන ෆොන්සේකා ගෙන් සැර ප්‍රකාශයක්……

අන්තර් විශ්ව විද්‍යාල කැඳවුම්කරු වසන්ත මුදලිගේ තවදුරටත් රඳවා ගැනීමේ සැලසුමක් පවතින බවට කතාබහක් ඇතිව තිබෙන අතරවාරයේ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා දැඩි ප්‍රකාශයක් කළේය.

“පසුගියදා මම මුදලිගේ බලන්න තංගල්ලට ගියා. මම එතනට ගියාම කිව්වා එයා තංගල්ලේ නැහැ, කොළඹ TID එකේ තියාගෙන ඉන්නවා කියලා. ඔහු කොළඹට ගෙනා බව රටේ කිසිවකු දැන සිටියේ නැත. ඊට පස්සේ මම TID එකට ගියා. නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක් යැයි කියන එස්පී කෙනෙක් හිටියා. මම ඇහුවා මුදලිගේ බලන්න පුළුවන්ද කියලා. එවිට ඔහු කියා සිටියේ අදාළ පනතේ නව සංශෝධන අනුව මන්ත්‍රීවරයෙකුට රැඳවියෙකු බැලීමට ඉඩ දිය නොහැකි බවයි.”

පොලිස් අධිකාරීවරයා සමඟ ඇතිවූ කතා බහ සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවට හෙළිදරව් කළේය.

“ඊළඟට මම ඇහුවා මුදලිගේ ත්‍රස්තවාදියෙක්ද, මේ රටේ ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වෙනවාද කියලා. එතකොට මේ පොලිස් අධිකාරි කිව්වා මුදලිගේව රදවාගෙන ඉන්නේ එවැන්නක් ගැන හොයන්න කියලා.”

සරත් ෆොන්සේකා බරපතල අනතුරු ඇඟවීමක් කළේය.

ඔවුන් දෙදෙනාම බරපතල ලෙස රෝගාතුර වී ඉන්නේ ඔවුන්ගේ ජීවිතවලට යම් හානියක් වේ නම්, මම අද කියන දේ මතක තබා ගන්න, මේ රටේ ජනතාව පොලිසිය සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය බිමට තලා දමනු ඇත. ඒ විතරක් නෙවෙයි මැති ඇමැතිවරුන්ටත් රක්ෂණයක් ගන්න වෙනවා. යැයි ඔහු පැවසුවේය.

මුදලිගේ රැඳවුම් කාලය තවත් දින 90කින් දීර්ඝ කිරීමේ සම්භාවිතාව පිළිබඳව මුදලිගේගේ නීති නියෝජිතයෝ බදාදා (9) අවධානය යොමු කළහ. ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙකු වන නීතීඥ සුනිල් වටගල මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඔහුගේ රැඳවුම් කාලය තවත් දින 90 කින් දීර්ඝ වීමේ සම්භාවිතාවක් පවතින බවයි. තවද, මුදලිගේ 31 වැනි දින රැඳවුම් භාරයේ සිට 81 වැනි දින දක්වා රැඳී සිටි කාලය තුළ සාමූහික කාලය පැය නවයක් පුරා තෙවරක් පමණක් ප්‍රශ්න කර ඇති බව හෙළි වී ඇතැයි ඔහු පැවසීය.

Related Articles